ප්‍රති ත්‍රස්ත පනත ගෙන එමට විරෝධය

ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙන එමට සහ පාස්කු ප්‍රහාරාය් වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නැයි බල කර ඊයේ (21) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරා්ධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට අමතරව පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වර්තමාන ඛේදවාචකය සිහි ගන්වන සංස්කෘතික අංගයක් රග දැක්විණි . එම විරෝධතා ව්‍යාපාරය සහ සංස්කෘතික අංගය ඉදිරිපත් කරන ලද්දේ ජන අරගල ව්‍යාපාරය මගින්ය .

මෙම විරෝධතා උද්ඝෝෂණයට කම්කරුවන් ,ශිෂ්‍යයන් ,තරුණයන් ,වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *