ප්‍රධාන ජේලර් ඉදිරි පිට රැදවියෙකුට රැදවියෙක් පහර දෙයි

In front of the chief jailer, a prisoner attacks a prisoner

කොළඹ සී .ආර් .පී. බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත (cell) කුටියක රඳවා සිටි මහින්ද නැමැති රැඳවියාව එම කුටියෙන් එළියට රැගෙන, පහර දීමට ඉඩ සැලැස්සුවා යැයි සී .ආර් .පී බන්ධානාගාරයේ ප්‍රධාන ජේලර් ගායාන්ට සහ තවත් නිලධාරියෙකුට වෝදනා එල්ල වී ඇත.

මෙම පහාර දී සිදුව ඇත්තේ සැප්තැම්බර් 09 වෙනිදාය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක සී.ආර්.පී. බන්ධනාගාරයට ගොස් මහින්ද නැමැති රැඳවියා මුණ ගැසි ඇති අතර ඔහු වෙන් පැමිල්ලක් දැමීම සඳහා බෙරැල්ල පොලිසියට යන බවත් එම සංවිධානයේ ලේකම් සුදේශ නන්දිමාල් සිල්වා ලංකා ස්කයි වෙබ් අඩවිය සමඟ පැවැසීය.

සී.ආර්.පී. ප්‍රධාන ජේලර්වරයාට එල්ල වි ඇති චෝදනාව සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ සේවය කරන උසස් නිලධාරියෙකු ගෙන් අප කළ විමසුමකදී ප්‍රධාන ජේලර්වරයාට එල්ල වි ඇති චෝදනාව ප්‍රතික්ෂේප නොකළ අතර ගැටුමට මැදි වු රැඳවියන්ට එරෙහිව දෙපාර්තමේන්තුව මට්ටමෙන් පරික්ෂණයක් සිදු බවත් පැවැසීය.

ස්කයි නිව්ස් වෙත ප්‍රකාශයක් ලබා දෙන්න තමන් බැදී නැති බවත් ඒ ප්‍රශ්නය් දැනටමත් විසදි ඇති බවත් වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *