ප්‍රවීණ රංඟන ශිල්පි දමිතා අබේරත්නට ඇප

Bail for veteran actress Damita Abeyratne

ප්‍රවීණ රංඟන ශිල්පී දමිතා අබේරතනට රුපියල් ලක්ෂ 5 බැගින් ශිරීර ඇප දෙකාක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (12) නියෝග කළේය.

සැප්ත්ම්බර් 07 වෙනිදා අබේරත්නව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවති විරෝධතාවකට සහභාගි වි සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඇයව අත්අඩංගුව ගෙන පසුදා (08) වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අබේරත්නව සැප්තැම්බර් 14 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබිමට නියෝග කළේය.

අබේරත්න ගේ නීතිඥවරු ඇප ඉල්ලා අධිකරණයට ඇප අයදුම් පතක් ඉදිරිපත් කර (මෝසමක්) ඇති අතර ,එම ඇප අයදුම් පත අද (12) සලකා බැලු මහේස්ත්‍රාත් ගමගේ ඇප නියම කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වි දේපල වලට හානි කළා යැයි අබේරත්නට එරෙහිව අධිකරණය හමුවේ අපරාධ කොට්ඨාශය චෝදනා ගොනු තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *