ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ මාධ්‍ය හැදුනුම්පතට පමණක් මාධ්‍යකරණයේ යෙදීමට ඇති අධිපත්‍ය බිද දමමු !

සමාජ මාධ්‍ය වල සහ වෙඩ් අඩවි වල ජනමාධ්‍ය වෘත්තීයේ යෙදි සිටින ජන මාධ්‍යවේදීන් හට මාධ්‍ය හැදුනුම්පතක් නොමැතිව කටයුතු කිරීමට යැමේ දී මතුවන ගැටළු සහ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පතට විකල්ප හැදුනුම්පතක් නිකුත් කිරීමේදී මාධ්‍යවේදීයා හදුනා ගන්න‌ේ කෙසේද යන්න පිළිබදව සාකච්ජාවක් අගෝස්.තු 19 වෙනිදා පංචිකාවත්ත ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංමගම් කාර්යාලයේදී පැවැත්විණ .

මෙම සාකච්ජාව කැදවා තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. එම සාකච්ජා සදහා යුටියුබ්, වෙබ් අඩවි, මුහුණ පොතේ ප්‍රවෘත්තී පිටු පවත්වාගෙන සහ ඉලෙක්ට්‍රොනික් සහ මුද්‍රිත මාධ්‍ය වල නිදහස් මාධ්‍යවේදීන් ඇතුළු 30 පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති දුමින්ද සම්පත් , ලේකම් සුබ්‍රමනියම් නිශාන්තන් ,භාණ්ඩාගාරික තම්බිරාසා නඩරාජා , ජාතික සංවිධායක ශාන්ත විජේසුරිය සහ විධයක සභිකයන් වන රංග බණ්ඩාරනායක,ලසන්ත රුහුණගේ සහ ලක්ෂ්මන් සපුතන්ත්‍රි ද සහභාගි වුහ .

විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ හා මාධ්‍ය පුහුණුකරුවෙකු වන සම්පත් සමරකොන්ද එම සාකාච්ජාවට සහභාගි වී සිටියේය .

ජන මාධ්‍යවේදියෙකු වීමට නම් රජයේ ප්‍රවෘත්තී දේපාර්මේන්තුව මගින් නිකුත් කරන හැදුනුම්පත තිබිය යුතු යැයි මතයක් ආරක්ෂක අංශ වල , පරිපාලන ක්ෂත්‍රය තුළ මෙන්ම ජන මාධ්‍ය සමාජය තුළ ද පවති. යුරෝපය ඇතුළු බටහිර රටවල ද ජනමාධ්‍යවේදීයා හදුනා ගැනීමට හැදුනුම්පතක් නිකුත් කරන අතර එය නිකුත් කරන්නේ රජයෙන් නොව ඔවුන් සේවය කරන ජන මාධ්‍යය ආයතන වලින්ය . අපේ රටේ දී එය රාජය භාරගෙන ඇත . මෙතෙක් බලයට පත් වු සෑම ආණ්ඩුවක් වංචා දුෂණ හෙළි කළ ජනමාධ්‍යයේදීන් මර දැමීම , පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සහ පහරදීම් වලට අමතරව විවධ කොන්දේසී පනවමින් හැදුනුම්පත් නිකුත් කිරීම ද සීමා කළේය .උදාහරණ – වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නේ නම් එය රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ ලියා පදිංචි කිරීමට නම් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්ය වේ . විශේෂයෙන් විකල්ප පුවත්පත් සහ වෙබ් අඩවි වල සේවය කරන ජනමාධ්‍යවේදීන් අනුව නොව ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවට (වැඩිම වුනොත් හැදුනුම්පත් 03 ) හිතුමතයට වන අතර ආණ්ඩු වලට පක්ෂපාතී ඉලෙක්ට්‍රොනික්ථ මුද්‍රිත මාධ්‍ය සහ රජයේ මාධ්‍ය ආයතන වලට මාධ්‍යවේදීන්ට පමණක් නොව මාධ්‍ය සේවකයන් සදහා ද මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කර ඇත.

රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව පොලිස් සහ හමදුා බුද්දී අංශ සමාජිකයන්ට පවා මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කර තිබේ . රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවට නාමිකව ජන මාධ්‍ය විෂය පැවරි තිබුන ද එම අයතනයේ සැබෑ කාර්ය භාර්ය වන්නේ ජන මාධ්‍ය මර්දනයට අවශ්‍ය පිඹුරුපත් සැකසීම සහ ආණ්ඩුවල කුණු සේදීමය .

ශ්‍රී ලංකා වාත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය ,රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේන් නිකුත් කරන හැදුනුම්පත තිබෙන අයට පමණක් මාධ්‍යකරණයේ දිය හැකි යන ආධිපත්‍යය යට නොවන සහ ඊට අභියෝග කළපස සංවිධානයකි . රජයේ මාධ්‍ය හැදුනුම්පත ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඊට එරෙහිව විකල්ප මාධ්‍ය හැදුනුම්පතක් ද නිකුත් කළේය . මුදල් සහ වෙනත් කාරණා නිසා හැදුනුම්පත අඛණ්ඩව නිකුත් කිරීමට නොහැකි විය .

විකල්ප හැදුනුම්පත අවශ්‍යතාවය නැවත කරළියට පැමිණියේ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවටගෙන පහරදීමත් සමගය . රජයේ හැදුනුම්පත සතු මාධ්‍යවේදීන් රජයේ හැදුනුම්පත නැති මාධ්‍යවේදීන් සමග ආරවුලක් ඇති කර ගත් අවස්ථාවල මාධ්‍යවේදියෙකු නම් රජයේ හැදුනුම්පත පෙන්වන්නැයි අභියෝග කරති . උදා- ටොක්විත් ලාල් එරෙහිව රජයේ හැදනුම්පත් නැගී සිටිම

ජන මාධ්‍යවේදියෙකු වීමට හැදුනුම්පතක් තිබිය යුතු දැයි සමහරු ප්‍රශ්න කරති . දේශපාලන ලිපි ලියන හා අයතනගතව පමණක් වැඩ කරන ජන මාධ්‍යවේදීන්ට හැදුනුම්පතක් අවශ්‍ය නොවුනත් කැරැළි කෝහල , උද්ඝෝෂණ, යුදමය අවස්ථා සහ රජය නායකයන් පැමිණේන උත්සව අවස්ථා අවරණය කරන ජන මාධ්‍යවේදීන්ට සහ ජායාරෑප මාධ්‍යයවේදින්ට තම අනන්‍යතාවය ඔප්පු කිරීම සදහා හැදුනුම්පතක් අත්‍යාවශ්‍ය වෙයි. කැරැළිකරුවා , උද්ඝෝෂකයා සහ සමන්‍ය ජනයාගෙන් ජන මාධ්‍යවෙිදීයා වෙන් කර හදුනා ගැනීම සදහා මාධ්‍ය කබා සහ හැදුනුම්පතක් පැළ සිටින්නැැයි අරක්ෂක අංශ මෙන්ම ජන මාධ්‍ය සංවිධාන ජන මධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි . එසේ පැළ ද සිටි අවස්ථාවලදීත් ජන මාධ්‍යවේදීන්ට පහර දුන් අවස්ථා ඔිනෑ තරම් ඇත. උදා – හමුදාව 2022 අගෝස්තු 21 පන්දරට ගාලුමුවදොරට ප්‍රහාරයක් එල්ල කළ අතර එහි දී මුලින් පහර දුන්නේ ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ටය . ඒතැනදී හමුදාවට අවශ්‍ය වුයේ එම ප්‍රහාරය පිළබද තොරතුරු එළියට යැම වැළැක්වීමය .

අගෝස්තු 21 හමුදා ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ 08 වන විධායක ජනාධිපති ලෙස දිවූරුම් දිමෙන් අනතුරුව ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් කිරීමට ගත් දේශපාලන තීන්දුවකි .

ආවරණ කටයුතු වල දී ආරක්ෂ අංශ විසින් මාධ්‍ය හැදුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවලදී අයතනික හැදුනුම්පත දුන් විට මේ මොකද්දැයි කියමින් රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන හැදුනුම්පත ඉල්ලා සිටියි . ප්‍රවෘත්තී දෙපාර්මේන්තු මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත නැතිනම් එම දෙපාර්මේන්තු තුළ පවත්වන අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම්දීමේ ප්‍රවාත්තී සාකච්ජා වලට පවා සහභාගි වීමට අවසර නැත .

ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මාධය හැදුනුම්පත ආණ්ඩුව විවෙිචනය කරන සහ මැතිඇමතිවරු ප්‍රශ්න කරන මාධ්‍යවෙිදීන්ව මැඩලීමට යොදාගෙන ඇත. මාධ්‍යවේදියෙකු නම් ඔහු හෝ ඇය රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ මාධ්‍ය හැදුනුම්පතක් තිබිය යුතු යන මතය සමාජගත කරමින් සිටියි . මෙහි කසකාරුවන් බවට සමහර මාධ්‍යවේදීන් ද කටයුතු කරමින් සිටිති. ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ මෙම ආධිපත්‍ය බිද දැමීය හැක්කේ මාධ්‍යවේදීන්ට පිළිගත හැකි හැදුනුම්පතක් නිකුත් කිරීමෙනි . ඒ සදහා සියලුම සුදුසුකම් ඇත්තේ වෘත්තීය සමියක් ලෙසත් පාර්ලිමේන්තු පනතකින් සම්මත ලංකාවේ එකම ජන මාධ්‍ය සංගමයක් වන ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයට පමණි .

ඉලෙක්ට්‍රොනික් , මුද්‍රති මාධ්‍යට සහ ‌වෙබ් අඩවී සේවය කරන ජන මාධ්‍යවේදීන්ට අමතරව සමාජ මාධ්‍ය ජාලා වල වැඩ කරන පිරිස් මාධ්‍යවේදීන් ද යන ගැටළුව පැන නැගී ඇත. මාධ්‍යවේදීය සහ ඔහුගේ කාර්ය , භාර්යය කුමක්ද? යන්න පිළිබදව හැදුනුම්පත් නිකුත් කිරීමේදී සැලකිමත් විය යුත බව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවෙිදීන්ගේ සංගමයේ අදහස විය . ඒ පමණක් නොව පුර්ණකාලිනව ජන මාධ්‍යකරණයේ යෙදන සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍ය සංගමයේ සමාජිකත්වය ලබා ගන්නා අයට පමණක් හැදුනුම්පත් නිකුත් කරන බවත් සංගමය අවධාරණය කළේය .

මාධ්‍ය හෑනුම්පත නිකුත් කරන වැඩේ සංකීරණ කටයුත්තක් බවත් හැදුනුම්පත ලබා ගන්නා මාධ්‍යවේදීයා මාධ්‍ය ආචාර ධර්ම අනුව කටයුතු කරමින් සංමයේ ද කිර්තිනාමය ආරක්ෂා කළ යුතු බවත් ආචාර ධර්ම කඩන සමජිකයින්ගේ හැදුනුම්පත රැගෙන සමාජිකත්වයෙන් ද නෙරපන බව හ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමයේ සභාපති දුමින්ද සම්පත් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *