පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය නිදහස තහවුරු කරනු. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ඊයේ (17) මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකතන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පැහැරගෙන යාම දඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි.

 

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළයුතු යුගයක මෙවැනි සිද්ධි තුළින් කියාපානුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ මැර දේශපාලනයට ඇති කැමැත්තදැයි ,තර්ජනයට ලක් වු මාධ්‍යවේදීන් ප්‍රශ්න කරති.

මෙලෙස තර්ජනයට ලක්ව ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන්ය.

ජංගම දුරකතන මඟින් පාර්ලිමේන්තු වාර්තාකරණයට ඉඩ ලබාදී ඇති පරිසරයක මෙලෙස ජංගම දුරකතන පැහැර ගැනීම බරපතල තත්ත්වයක් බවද කතානායක වරයාට යවන ලද ලිපියේ සදහන් වෙනවා.
මෙවැනි ක්‍රියා නැවත ඇතිනොවන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මෙහෙයවන ලෙසත් මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කතානායක වරයාගෙන් ඉල්ලා ඇත .

ඊයේ 17 දා පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිටත්ව යමින් සිටියදී අදාළ මාධ්‍යවේදීන් සිය ජංගම දුරකතන ඔස්සේ සිද්ධිය වාර්තා කිරීමේ නිරතව සිට ඇති බවයි වාර්තාවේ.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ ඔවුන්ගේ දුරකතන බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර පසුව එම දුරකතන නැවත කතානායක වරයා හරහා මාධ්‍යවේදීන් හට ලබාදී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වේ

3 thoughts on “පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය නිදහස තහවුරු කරනු. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *