පාර්ලිමේන්තුව විසුරවා හරින්නැයි වෘත්තිය සමිති සහ බහුජන නායකයෝ ඉල්ලති

ජනතා ප්‍රශ්න විසදීමට අසමත් පාර්ලිමේන්තුව විසුරුවා හැර වහා මැතිවරණයක් පවත්වන්න යන ඉල්ලීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන ආණ්ඩුවට එරෙහිව එකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් අද (27) සවස කොළඹ හයිඩ් පිටියේ දී රැලියක් පැවැත්විණ .

කොළඹ ටවුන් හෝල් සිට හයිඩ් පිටිය දක්වා වෘත්තීය සමිති , ධිවර සමිති .ගොවි සවිධාන සහ බහු සංවිධාන වල නායකින් ඇතුළු විශාල පිරිසක් පා ගමනින් පැමිණ රැලිය ආරම්භ කළහ .

ජනතා ප්‍රශ්න වලට විසදුම් නැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අමතරව , ත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දන අණ අහෝසී කර , තෙල් වාරය විදුලිය ඇතුලු රාජ්‍ය දේපල විකිණීම නතර කර , ගොවියාට පොහොර සහ ධිවරයාට ඉන්ධන ඇතුළු සහානාධාර සැලසීම යන ඉල්ලීම් ද ඊට ඇතුළත් වේ .

වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැදවුමකරු වසන්ත සමරසිංහ , රංගන ශිල්පි ජගත් මනුවර්ණ සහ ජිවන්ත පියතුමා ද එම කථිකයින් රැසක් රැලිය අමතා කතා කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *