මන්ත්‍රීවරුන් ගේ රක්ෂණය පස් ගුණයකින් වැඩි කරන්නැයි ‌කතානායක ගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීන්වවරුන් ගේ රක්ෂණ ප්‍රතිලාභ පස් ගුණයකින් වැඩි කිරිමේ යෝජනාවක් කතානායක විසින් කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත .

ඒ සම්බන්ධයෙන් අනිද්දා පුවත් පත කතානායකවරයා ගෙන් විමසු අවස්ථාවේ එම යෝජනාව කැබිනට් මණ්ඩඩලයට යොමු කළ බව පැවැසීය . කතානායකවරයා එසේ පැවැසුව ද ඔක්තෝම්බර් 31 කැබිනට් මණ්ඩල තිරණ දැනුම් දිමේ නිවේදනයේ එවැනි යෝජනාවක් සැලකු බව හෝ අනුමත කළ බව සදහන් වන්නේ නැත .

පාර්ලිමේන්තුවේ ගෘහය කාරක සභාවේවේ දී මන්ත්‍රිවරුන ගේ රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි කිරීම සදහා වු තිරිණ ගෙන ඇති අතර ඉන්පසු කතානායකවරයා කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙි .

මන්ත්‍රිවරුන් ගේ දැනට පවතින රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකක් වන අතර එම යෝජනාවා අනුව රුපියල් මිලියනය දක්වා වැඩි කිරිමට නියමිතය .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *