පාර්ලිමේන්තු විශේෂ කාරක සභා නිර්දේශ නීතිපති යැවීමේ යෝජනාව වැඩි ඡන්ද 32කින් සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්සයෙන් විමර්ශන කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිරදේශ නීතිපතිවරයාට යැවීම සම්බන්ධව අද (21) ඉදිරිපත් යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 32 කින් සම්මත විය .

ආණ්ඩු පක්ෂය අද (21) මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඡන්දවිමසීමක් ඉල්ලා ඇත.

යෝජනාව සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේ දි පක්ෂව ඡන්ද 75 ක් ද විපක්ෂව ඡන්ද 43 ක් ද පමනක් ලැබි ඇත.

එක්සත් ජාතික පක්ෂය ,ඔ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂව ජන්දය දී ඇති අතර සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය ,නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එම යෝජනාවට එරෙහිව ව ඡන්දය ප්‍රකාශ කර තිබේ .

දමිළ ජාතික සන්ධානයේ සහ දමිළ ජාතික ජනතා පෙරමු‌ණේ මන්ත්‍රීවරු යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ රැදි නොසිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *