පාර් .වරප්‍රසාද වලට මුවාවී මාධ්‍ය දඩයමට සැරසේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා
සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන
යෝජනා සම්මතය- විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2023 මාර්තු 09)්- “ 2022 නොවැම්බර් 23 දින
පාර්ලිමේන්තු සභා ගර්භය තුලචී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරය
විසින් ජනවාර්ගික ප්‍රශ්න විසඳා, එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීම පිළිබද සියලු පක්ෂ නියෝජිතයන් රැස්වී සාකච්ඡා
කිරීමට එකඟ වූ අතර ඒ සම්බන්ධව ‘සියත’ රූපවාහිනිය මගින් 2022 නොවැම්බර් 24 ,25 හා 27 දිනයන්හිදී
විකාශය කරන ලද වැඩසටහන්වලදී සිදුකළ ප්‍රකාශ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ
වරප්‍රසාද කඩවී ඇතිදැයි විමර්ශණය කිරීම සඳහා 2022 දෙසැම්බර් 13 දින පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක්
මගින් පිහිටුවන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව
විමර්ශණය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්
2023 පෙබරවාරි 24 දින ඉදිරිපත් කරන ලද එකී වාර්තාවේ නිර්දේශ, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා
වරප්‍රසාද පනතේ 26(1)් (ආ) වගන්තිය යටතේ නීතිපතිවරයා වෙත යොමුකළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව
යෝජනා සම්මත කර සිටියි” යනුවෙන් යෝජනා කරන ලදින් ප්‍රශ්නය සභාගිමුඛ කරන ලදී .’
ඒ ආකාරයට සඳහන් වන්නේ මාර්තු 21 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබූ සියත රූපවාහිනියට
එරෙහි යෝජනාවය . එම යෝජනාව විවාදයට ගැනීමෙන් පසු එදින වැඩි ඡන්ද 32කින් සම්මත වී ඇත. ඊට පක්ෂව
ඡන්ද 75ක්ද විරුද්ධව ඡන්ද 43ක්ද ලැබී ඇත. එම පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන
සංවිධායක ප්‍රසන්න රණතුංග කියා ඇත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය
ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදැක් වූ බවත් එමෙන්ම මෙය මාධ්‍යයට, මාධ්‍ය ආයතනවලට හෝ
මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කිරීමට ගෙනඑන ලද යෝජනාවක් නොවන බවයි. පාර්ලිමේන්තුවේ හා
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇතිද යන්න සොයා බැලීමට පමණක් නීතිපතිවරයාට යොමු කරන
යෝජනාවක් බවද ඔහු පවසා ඇත.
ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එසේ ප්‍රකාශ කල ද එම යෝජනාවට අදාළ එකී
කාරක සභාවේ වාර්තාව අනුව නම් එය එසේ නොවන බව පෙනේ,
නිමල් සිරිපාල ද සිල්වා සභාපතිත්වයෙන් යුතුව සුරේන් රාඝවන් ගයන්ත කරුණාතිලක, අනුර ප්‍රියදර්ශන
යාපා, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා හා එම්ඒ සුමන්තිරන්ගේ සාමාජිකත්වයෙන් 2023 ජනවාරි 20 දින කතානායකවිසින් එම විශේෂ කාරක සභාව පත්කර ඇත .
එම විශේෂ කාරක සභාවේ මතය වී ඇත්තේ සියත රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහන් මගින් 1953 අංක 21 දරන
පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද)්පචත පනතේ උපලේඛනය‘අ කොටසේ’ වගන්ති 5,7 සහ 8 අනුව පාර්ලිමේන්තුවේසහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව හා එම වැරදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළහැකි වැරදි වන බවත්ය.
එම පනතේ ‘අ’ කොටසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක් ම දඬුවම් කළ හැකි වැරදි වලට අදාළ වගන්ති පහත
පරිදි වේ.
5 පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබද යම් ව්‍යාජ හෝ අවවර්තික වාර්තාවක්
සිතාමතා පලකිරීම නැතහොත් මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේදී හෝ කාරක සභාවේදී පවත්වන ලද යම් කතාවක්සිතාමතා වැරදි ලෙස නිරූපණය කිරීම
7 පාර්ලිමේන්තුවේ කටයුතු සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් යම් අපහාසාත්මක ප්‍රකාශයක් පලකිරීම
8 මන්ත්‍රීවරයකු වශයෙන් යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පල කිරීමඒ අනුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර නීතිපතිවරයාට යවන්නේ නිකම් නොවන බව පැහැදිලිය. මාධ්‍යයට
දඬුවම් කිරීමේ වුවමනාවක් නැත්නම් එම වාර්තාව විවාදයට ලක්කර නීතිපතිවරයාට යැවීම සඳහා සම්මත කිරීමේ අවශ්‍යතාවයක්පැන නගින්නේ නැත . මන්ද පාර්ලිමේන්තුවට එම වැරදි සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලයක් නැති නිසාය . ඒආකාරයේ මාධ්‍යයට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇති බව තවදුරටත් පෙන්නුම් කරන්නේ එම කාරක සභා
වාර්තාවේ ඇති තවත් කරුණු දෙකක් නිසාය. එකක් වන්නේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥයෙකු එමකාරක සභාව හමුවට පැමිණ නීතිපතිවරයාගේ මතය ඉදිරිපත් කර තිබීමය. නැවත වරක් නීතිපතිවරයාගේ මතය දැනගැනීමට එම කරුණුම නීතිපතිවරයාට යොමු කිරීමේ අවශ්‍යතාවක් ඒ අනුවද පැන නගින්නේ නැත)ඃ39ත
1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද)්පචත පනතේ 26(1)් වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථාපිත
බැඳීමට අනුව නීතිපතිවරයාට)ුමදඑත මේ අවස්ථාවේදී කරුණු විශ්ලේෂණය කර තම මතය ප්‍රකාශ කළ නොහැකි බව රජයේ
නීතිඥ මේධක ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් සඳහන් ක)කඑත බව එම වාර්තාවේ සඳහන් කර ඇත)ඃ39ත
එසේ වුවද කාරක සභාව තීරණය කර ඇත්තේ)ුමදඑත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ වගන්ති
26(1)්පචත(අ)් හෝ (ආ)් යටතේ එම කාරණය නීතිපති වෙත යොමු කළ යුතු බවට ,එම 26 වන වගන්තියේ සඳහන් වන්නේ .
(1)් මේ කොටස යටතේ කරන ලදැයි කියන වරදක් වූ යම් කාරණයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වාර්තාවක්
සැපයිය හැකිවීමේ කාර්යය සඳහා අවස්ථාචෝචිත පරිදි සභාපතිවරයා විසින් හෝ කතානායකවරයා විසින්
(අ)් කරන ලදැයි කියන වරදක් පිළිබද යම් මන්ත්‍රීවරයකු තමන් වෙත සභා ගර්භය තුලදී පැමිණිලි කළ කල්හි
හෝ
(ආ)් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් එසේ කිරීමට නියම කරනු ලැබුවහොත් වාර්තා කිරීම සඳහා ඒ
කාරණය නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබිය හැකිය .
යනුවෙන්ය.
මාධ්‍යයට දඬුවම් කිරීමට අදාාළවාර්තාවේ ඇති අනෙක් කරුණ වන්නේ, එම කාරක සභා වාර්තාව අවශ්‍ය කටයුතු සඳහා
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසද නිර්දේශ කර තිබීමයි . මේ වූ කලී පාර්ලිමේන්තු බලතල හා
වරප්‍රසාද පනත අනුව අදාළ කටයුත්තක් නොවේ. රූපවාහිනී ආයතනයකට එම විකාශයන් සඳහා රූපවාහිනී පනත
යටතේ විෂයභාර ඇමතිවරයා බලපත්‍රයක් ලබාදීමෙන් පසු විකාශයන්ට අදාාළසංඛ්‍යාත ලබාගත යුත්තේ විදුලි
සංදේශ නියාමන කොමිෂමෙන් වීම ඒ සඳහා හේතුව වන්නට ඇත . එම කොමිසම ජනාධිපතිවරයා යටතේ පවතින්නක් වන
බැවින් සංඛ්‍යාත ලබාදීමේදී යම් බාධාවක් කිරීමට අවශ්‍ය නම් මෙම වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයාට එය කළ හැකිය .
නීතිපතිවරයාගේ මතයට අමතරව එම කොමිෂන් සභාවට එය යැවීමේ අරමුණ එය විය හැකිය . සමහරවිට සියත රූපවාහිනියට
සංක්‍යාත ලබාදීම වැළැක්විමටද වියහැක
කෙසේ වෙතත් කිව යුතුව ඇත්තේ 1953 වර්ෂයේ ගෙනෙන ලද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යල් පැනගිය එකක්
බවය. පාර්ලිමේන්තුවත් එහි කටයුතුවත් විවේචනයට ලක් නොවිය යුතුය යන්න නූතන ලෝකයට ගැලපෙන්නක් නොවේ.
ඔවුන් ජනතාව විසින් තාවකාලිකව පත්කරන මහජන නියෝජිතයින් හෙයින් පාර්ලිමේන්තුවේ හා එහි කටයුතු
විවේචනයට ලක් කිරීමේ හා විශ්ලේෂණයට ලක් කිරීමේ අවස්ථාව මහජනතාවටත් මහජනතාව වෙනුවෙන් මාධ්‍යයටටත් තිබිය
යුතුය. 1978දී ගෙනඑන ලද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුව අදහස්
පලකිරීමේ අයිතිය පිළිබද ඇති අතර එය ඊට වඩා පැරණි මෙම පනතේ ඇති පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද
වලින් යටකළ නොහැකි එකකි.
එය එසේ යැයි මෙම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් කියන යම් පිරිසක් පිළිගන්නේ නැත්නම් එහි තේරුම
වන්නේ ඔවුන් ප්‍රජාත්‍රන්තවාදී වටිනාකම්වලට ගරු නොකරන පිරිසක් බවය .
කෙසේ වෙතත් සියත රූපවාහිනියට දඬුවම් කිරීමට සැරසෙන 2022 නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු
පිලිබඳ අවධානය යොමු කළ හොත් පෙනෙන්නේ කුමක්ද? එදින පැවතියේ ජනාධිපති අගමැති
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය ,අධිකරණසේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය , අල්ලස් හෝදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ,පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කතානායකගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකගේ කාර්යාලය ,මැතිවරණ කොමිෂන් සභාව ජාතික විගණනකාර්යාලය, පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, සීමා නිර්ණය කොමිෂන් සභාව යනආයතනවලට අදාළ අයවැය විවාදයයි .
රටේ ජාතික ප්‍රශ්නය විසඳීමවත්)ුමදඑත ඒ සඳහා එක මවකගේ දරුවෝ ලෙස දේශපාලන පක්ෂ එක්වී සාකච්ඡා කිරීමටත් වූපූර්ව යෝජනාවක් එදින තිබුණේ නැත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදින පාර්ලිමේන්තුවට පැමිණ කීවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබද එම
ප්‍රකාශය අවසන් කරමින් ඔහු පවසන්නේ විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි එකට එකතු වෙනවා නම් අපි කතා කරපු මේ
ප්‍රශ්නය විසඳන්න ලෙහෙසියෙන් පුළුවන් යන්නය ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුමන්තිරන්
මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් අසන්නේ අපි ඔක්කෝම එකතුවී මෙම ප්‍රශ්නය විසඳමුද යන්නය .අසන්නේ
කුමක් ගැනදැයි නොදන්නා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊට පිළිතුරු වශයෙන් අසන්නේ කුමක් ගැනද යන්නය .
ඒ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට එයට විසඳුමක් ගෙන එන්නේ කෙසේද
යන්න හා එක මවකගේ දරුවන් ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබදව බවය. එයට තමා එකඟ බවත් සුමන්තිරන්
මන්ත්‍රීවරයාද එකඟ බවත් කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ එක් එක් පක්ෂ නියෝජිතයන්ට
ඇඟිලි දික් කරමින් අසන්නේ ඔවුන් එයට එකඟද නැද්ද යන්න පිළිබදවය .
මේ ආකාරයට මහින්ද රාජපක්ෂගෙන් අසන්න යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීම හා ඒ සඳහා ලැබුණ
ප්‍රතිචාරයන් පිඵිබදව එම දිනයේ දසුන් මේ රටේ ජනතාවට නැවත මතක් කරගත හැකිය .
අවසානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ අයවැය විවාදය අවසන් කළ වහාම සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවනවා
නම් දෙසැම්බර් 31 වැනිදාට පෙර එය අවසන් කළ හැකි බවයි. ඊට පිළිතරු වශයෙන් රනිල් වික්‍රමසිංහ
ජනාධිපතිවරයා කියන්නේ අයවැය විවාදයෙන් පසු ඊලඟ සතියේ අපි සියලු දෙනාම හමුවෙමු යන්නය .
ඉන්පසු ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේර් සිය කතාවේදී ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙවැන්නකි ‘මේ කරන්න
යන්නේ බොරුවක් කතාවක් , මුළාවක් , ප්‍රෝඩාවක් දැන් ආපහු සාකච්ඡා පටන් අරගෙන කල් මර මර ජාත්‍යන්තරයට
රටට පෙන්වන්න හදනවා ‘ දැන් මම ආපහු මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙනවා’ කියලා ‘ එතුමා විපක්ෂයෙන්
ඇහුවා ඒකටද කැමතිද කැමතිද කියලා නමුත් එතුමා ලඟ හිටපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් ඇහුවේ
නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඇහුවේ නැහැ ඒ සම්බන්ධයෙන් වන එකඟතාව මොකක්ද කියලා
තමන්ගේ පක්ෂයේ අයගෙන් ඉස්සෙල්ලාම අහන්නකෝ මේ සම්බන්ධයෙන් වන එකඟතාව මොකක්ද කියලා ඒක නිසා බොරු
කරන්නනේ නැතිව ඉන්න’
මේ සටහන ලියන මාර්තු 22 වනවිට විජිත හේරත් මන්ත්‍රීවරයාගේ කතාව ඇත්තක් බව සනාථ වී ඇත . ජාතික ප්‍රශ්නය
විසඳීමේ සර්ව පාක්ෂික හමු විසඳුමක් හෝ ලබානොගෙන නතර වී ඇත .සුමන්තිරන් මන්ත්‍රීවරයා නියෝජනය කරන
දෙමඵ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ කළ ද්විපාර්ශවික සාකච්ඡාද අවසන් කර ඇත. ඒ
ජනාධිපතිවරයා බොරු කරන බව පවසමිනි. එම සාකච්ඡා නිසාම ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දය
දීමෙන් වැ)කඑතකී සිටීමේ තීරණය ගැන දැන් එම සන්ධානය නැවත සිතනවා වන්නටද පුළුවනය .
එහෙත් එම බොරුව පාර්ලිමේන්තුගත කිරීම විවේචනයට ලක්කිරීම ගැන දඩුවම් ලබාදිය යුතු බවට වූ යෝජනාව නම් දැන්
සම්මත වී ඇත . මේ නාටක දකින විට මතක් වන්නේ මෙවැනි පාර්ලිමේන්තුවක් තවදුරටත් එපා යැයි පසුගිය කාලයේ ජනතාව කියූ කතාවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed