පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගැනීමේ බලය ඇත්තේ අධිකරණයට මිස කාදිනල්ට නොවෙයි -හිටපු ජනපති සිරිසේන

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය ඇත්තේ අධිකරණයට සහ අගවිනිසුරුට මිස කාදිනල් හිමිපානන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

තමාට ගෙවීමට නියම කර ඇති දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නේ අධිකරණය බවත් අධිකරණයට ගරු කර ඉදිරියේදී දඩ මුදල ගෙවන බවත් හිටපු ජනාධිපති සිරිසේන පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා එසේ පැවැසුවේ මහනුවර දළදා වහන්සේ වැළද ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *