පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා පා ගමනක්

පාස්කු ඉරුදින සිදු වු මිලේච්ජ ප්‍රහාරයෙන් මිය ගිය වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සහ එම ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රියේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන හෙට ( 21) උදේ 08 කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා පැමිණීමට නියමිතය .

කටුපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද සවස පැවති දේව මෙහෙයකින් පසු පා ගමන ආරම්භ කළහ . මේ වන විට පා ගමන කද්‍රන ප්‍රදේශය පසු කරමින් ඇත.

මෙම මිලේච්ජ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 273 ක් වන අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුහ . තවත් පිරිසක් අබාධිතයන් බවට පත් වුහ .

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමන නතර කරන්නැයි මීගමුව පොලිස් ස්ථානාධිපති හෙන්රි පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා ප්‍රතික්ෂේප කරමින් , ජනතාවට අදහස් දැක්විමේ සහ සාමකාමීව විරෝධය දැක්වීමේ අයිතිය තහවුරු කරමින් පා ගමනට අවසර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *