” පිස්සු කතා” ජනාධිපති නීතිඥ පිරිස්ගේ සිද්ධියට මම සම්බන්ධ නැහැ- මහජන ආරක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන නදුන් චින්තක හෙවත් හරක් කටා වෙනුුුුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පෙනිසිටිමට විරෝධය පා බොරැල්ල කොටා රෝඩ් හි පිහිටි ඔහුගේ කාර්යාලය ඉදිරිපිට පෙරේදා (24) පැවැති විරෝධතාවය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ බස්නාහිර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් සංවිධානය කර ඇතැයි චෝදනා එල්ල වි ඇත.

විරෝධතාකරුවන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත විඇත.

තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි දැයි විරෝධතාකරුවන් නීතිඥ පිරිස්ගෙන් ප්‍රශ්න කර ඇති අතර එම විරෝධතාකරුවන් අතර චින්තක සහ සලිදු විසින් මරා දැමුවා යැයි කියන අයගේ දෙමව්පියන් සහ ඥාතීන් සිට තිබේ .

විධායකය දේශපාලඥයන් ලවා අධිකරණ තීන්දු වලට බලපෑම් කිරීමට එරෙහිවත් නව පොලිස්පති ධුරයට අපරාධ හෝ මානවහිකම් වොද්නා එල්ල වි නොමැති නිලධාරියෙකු පත් කරන්නැයි නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමෙන් පසු එම සංගමයේ සභාපති වන තමාට එරෙහිව කුමන්ත්‍රණය ආරම්භ වු බවත් කුමන්ත්‍රණකරුවන් විසින් තමාට එරෙහිව එල්ල කරන සියලු ‌චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ පිරිස් යුටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් පවසා ඇත.

“පිස්සු කතා ” ජනාධිපති නීතිඥ පිරිස්ගේ සිද්ධියට තමාගේ සම්බන්ධයක් නැතැයි ලංකා ස්කයි නිව්ස් මහජන ආරක්ෂ ඇමති ටිරාන් අලස්ගෙන් කළ විමසුමකදී පැවැසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *