පුංචි ජන්දෙට මුදල් නැහැ – මුදල් අමාත්‍යංශ ලේකම්

රටේ පවතින ආර්ථික අර්බුදයත් හමුවේ පළාත් පාලන මැතිවරණය සදහා මුදල් යෙදවිම බරපතළ ගැටලුවක් බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අද (17) මැතිවරණ කොමසාරිස්වවරයා හමු වි නිල වශයෙන් දැනුම් ඇත.

ලේකම්වරයා එසේ දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මුදල් අමාත්‍යංශ ලේකම් සහ එහි ඉහළ නිලධාරීන් මැතිවරන කොමිසමට කැද වු අවස්ථාවේදීය .

රජයේ වියදම් සීමා කරමින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනය අනුව රටේ අත්‍යවශ්‍යසේවා සදහා පමනක් මුදල් වෙන් කිරීමට සිදුව ඇති බව ලේකම්වරයා කොමිසමට දැනුම් දී ඇත.

වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සදහා රටේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට ද තවත් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

මුදල් අමාත්‍ය ධුරය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි .

පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සමාජිකයන් හමු වි දැනුම් දුන් පලමු අවස්ථාව මෙය වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *