පුවත්, වෙබ් අඩවි ලියාපදිංචියට විනිවිද ක්‍රියාමාර්ගයක් සකසන්න -ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

පුවත් පත් සහ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම වඩාත් විනිවිදබාවයකින් යුත් නීත්‍යානුකුල ක්‍රමවේදයක් සකසා පෙබරවාරි 28 දිනට පෙර ඒ සම්බන්ධධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබදිව වාර්තාවක් ලබාදෙන දෙන ‌ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.

මිඩියා එල්කේ වෙබ් අඩවියේ වෙනුවෙන් එහි ප්‍රධාන කර්තෘ තරිදු ජයවර්ධන විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂන සභාව මෙම නිර්දේශය ඉදිරපත් කර ඇත.

මෙම පැමිල්ල යොමු කර ඇත්තේ ඒම වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමේදී ආරක්ෂක අමාත්‍යංශයයේ නිශ්කාශනය නොලැබුනු බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ය . එම නිර්දේශය මගින් කියා ඇත්තේ පුවත් පත් සහ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සදහා රාජ්‍ය ආයතන පමනක් සම්බන්ධ කර ගනිමින් දැනට ක්‍රියාත්මක කරන කුමවේදය මගින් තීරණ වලට එළඹීම ප්‍රායෝගික නොවන බවයි . මේ සදහා රාජ්‍ය මාධ්‍ය ආයතන ,පෞද්ගලික මාධ්‍ය ආයතන ,ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි විමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුවත් පත් සහ වෙබ් අඩවි නියෝජිතයින් මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂඥයින්ගේ ද සහභාගිත්වය ඇතිව වඩාත් විනිවිදබාවයකින් යුත් නීත්‍යානුකුල ක්‍රමවේදයක් සකස් කරන ලෙසය .

පුවත් පත් සහ වෙබ් අඩවි සදහා ලියාපදිංචිය ලබාදීමේ රැස්විම් සදහා සහභාගිවී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය ,යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා තොරතුරු හා සන්නිවේදනතාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරින් පමණය .

ඉදුවර බණ්ඩාර – අනිිිිිද්දා පුවත්පත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *