පොදු සමාවඉල්ලා සිරකරු සමුළුවක් කැදවයි

සිරකරුවන්ට පොදු සමාව ,වධහිංසා පිටු දැකිම සහ සිරකරුවන් සදහා අවම ප්‍රමිතියක් සකසන්නැයි ආණඩුවට බල කර ජාතික සිරකරු සමුළුවක් ඊයේ (27) උදේ බල මරදාන සමාජ හා සාමකයික කේන්ද්‍රයේ පැවැත්විණ .

මෙම සමුළුව සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව මගින්ය .

මරණ දඩුවම් නියම වු ,ජිවිතාන්තය දක්වා සිර දඩුවම් විදින සහ අවූරුදු 10 ,15. සිර දඩුවම් විදින අය ගේ දෙමවිපියන් , ඥාතීන් සහ බිරිදැරු ඇතුළු විශාල පිරසක් එම සමුළුව සදහා සහභාගි වුන්හ.

සිරකරු අසිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් , සභාපති නීතිඥ සේනක පෙරේරා සහ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය යන අය සමුළුව අපතා කතා කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දී සදහා පෙත්සමක් අස්සන කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *