LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පොලිස් අධිකාරි නාලක සේනානායකට පහාර දී කොල්ල කෑ පිස්තොලය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය 09 වෙනිදා පංචිකාවත්ත මංසන්ධියේ දී පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාට පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සතුව තිබූ 09එ එම් වර්ගයේ පිස්තෝලයක් කොල්ලකෑ 18 හැවිරිදි තරුණයකු මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොල්ල කන ලද 9 එම් වර්ගයේ පිස්තෝලයක් , පතොරම් ගැබ, හා ජිව උණ්ඩ 10 සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි කියයි .

පසුගිය 09 වෙනි දින කොල්ලුපිටිය සහ ගාලුමෝදර සාමකාමී අරගල කරුවන්ට පහර දීමත් සමගම ඇතිවූ සිද්ධියක් සමගම පොලිස් අධිකාරී නාලක සේනානායක මහතා ගමන් ගත් නිල වාහනයට සහ තවත් නිල වාහනයකට පහරදී බරපතල අලාභ සිදු කිරීමට සැකකරු ඇතුළු පිරිසක් ක්‍රියා කර තිබිණි.

එම අවස්ථාවේදී පොලිස් අධිකාරීවරයා සතුව තිබූ පිස්තෝල එම සැකකරු විසින් කොල්ල කා තිබිණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසීය..

අත්අඩංගුවට ගත් සැකකරු වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අතර මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

3 thoughts on “පොලිස් අධිකාරි නාලක සේනානායකට පහාර දී කොල්ල කෑ පිස්තොලය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *