පොලිස් සහ පාදඩ පාතාලය මහජනයට එරෙහිව විද‍ී බසි. ව්‍යාජ සහ කුහක වම්මු මහජනයා අතරමං කරයි

චන්දීම ගජනායක විසිනි

ඊනියා යුක්තිය මෙහෙයුම නමින් මුදා හරින රාජ්‍ය ත්‍රස්තවාදය වහා නතර කරන්නැයි බල කර  ඊයේ (22) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වු අතර එම උද්ඝෝෂණයට එරෙහිව පොලිස් පාතාලය සහ පාදඩ පාතාලය එක්ව විරෝ‍ධතාවයක් ද පැවැත්විණ .

ඊනියා යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරමු යන විරොධතාවය සංවිධානය කර තිබුණේ කැස්බැව ක්‍රියාකාරී කම්ටුව , සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමියුව සහ කො‍ළඹ ක්‍රියාකාරි කම්ටුව යන ක්‍රියාකාරී කම්ටු මගින්ය .

පොලිසිය මගින් සිදු කරන පැහැර ගැනීම් , අතුරුදන් කිරීම් සහ නිති විරෝධිව අත්අඩංගුවට ගැන‍ිම් වහා නතර කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන්නැයි බල කරන  පිරිස් වලට එරෙහිව පොලිසිය ඔවුන්ට හීලෑ පාතාල කොටස් සහ කො‍ළඹ නගරයේ පැල්පත් වල ජිවත් වන පාදඩ නිර්ධනීන්ව මුදල් සහ බලය පාවිච්චි  කර සීයක පමණ පිරිසක් ඊයේ (22) කො‍ළඹට රැගෙන විත් තිබුණි .

මෙම පිරිස අතර කුඩා ළමුන් මෙන්ම කාන්තාවන් ද සිටි අතර මොහුන්  සියලු දෙනා ඔවුන් කවුද  යන්න නිරාවරණය විම වළක්වා ගැනිමට මුහු‍ණු ආවර‍‍ණ මෙන්ම හිස් වැසුම් පැලද සිටියහ .

ඊනියා යුක්තිය මෙහෙයුමට එරෙහි පිරිස් උද්ඝෝෂණය ආරම්භ කර  විනාඩි දහයකට පමණ පසු  ඊනියා යුක්තිය මෙහෙයුමට පක්ෂ පිරිස්  සිය රගන භුමිකාව රග දැක්විම සදහා පොලිස් බුද්ධි අධ්‍යක්ෂකවරු  හා නිෂ්පාද සමග කොටුව දුම්රිය පොල වේදිකාවට  පිවිස සිටියහ .

පාතාලයට – මුවාවෙලා               

අපේ දරුවෝ -මරනවා

මිලිටරියේ -පොලිසියේ

මැරකම් රජ – කරනවා

කම්කරුවාට –  පීඩිතයාට

මුකවාඩම් – දමනවා

අපේ පිටින් – දමනවා

තරුණ ළමයි  – බිලි ගන්නා

විෂ මත් කුඩු – පාතාලය

ඉදිකොරුවේ – ධනවාදය

ලාභ ගරන – ධනවාදය

වැඩි වැඩියෙන් – ලාභ සොයන

රැකියාවට -ජිවිතයට

සුභසාධන – සේවාවට

පහර දිපු – ධනවාදය

පාලකයින් -පීඩිතයින්

බැටන් වලින් -පහර දේදී

කදුළු ගෑස් -විෂ මදිවට

එළව එළව -වෙඩි තියද්දී

සම්මුතියට – සන්ධානෙට

නායකයෝ  – ඇදෙනවා

ජන අරගල -ශක්තිය

මැඩලන්නට – කට්ටිය

දාල බලන  _ මුට්ටිය

ඒකේ තමයි – යුක්තිය

හිරි හැර – යුත්තිය

ඩෙඩි තියාපු – යුක්තිය

මග මරණ – යුක්කිය

අකුළ ගනිව් -යුත්තිය

මාධ්‍යයේ – කටවහනවා

භාෂනයට -තිත තියනවා

මුඛවාඩම් – මුන් ගේනවා

පොලිස් රටක් – බිහි කරනවා

කම්කරුවනි – ඒ=කතු වෙයව්

පිඩිතයිනි -එකතු වෙයව්

ධනවාදය – පරදවන්න

එකතු වෙලා – සටන් වදිමු  යන සටන් පාඨ කියමින් සහ බොරු චෝදනා දමා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින මාධ්‍යවේදි හේමන්ත ලියනපතිරණ වහා නිදහස් කරනු ! අතුරුදන් කිරිම් සහ පැහැර ගැනීම් වහා නතර කරනු !  ඊනියා යුක්තියේ මෙහෙයුමට ඉඩ නොදෙමු ! යන සටන් පාඨ සටහන් කර තිබු පුවරු ඔසවා ගත්  උද්ඝෝෂකයෝ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

ඊනියා යුක්තියේ මෙහෙයුමට මුවා වී සිදු කරන පොලිස් අපරාධ වලට ඉඩ නොදෙන්නැයි කම්කරු -පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටි උද්ඝෝෂකයන් විරෝධතාවය අවසන් කර විසිර යද්දී , පාදඩ පාතාල පිරිස්  ඔවුන්ට හු  කියන්නට වුහ.

කොටුව දුම්රිය පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් කරද්දී  , පොලිසිය , කැරැළි මර්දන පොලිසිය සහ සන්නා සන්නද්ධ හමුදාව සහ විශේෂ කාර්ය බලකා හමුදා යොදා ගන්නා  ආණ්ඩුව ඊයේ   (22)  පොලිස් නිලධාරීන් දහදෙනෙක් පමණ වහන හැසිරවීමට යොදා තිබුණු අතර පොලිස් පාතාලය සමග පාදඩ පාතාල පිරිස් උද්ඝෝෂණ කරද්දී , දුම්රිය පොල ඉදිරිපිට සිටි පොලිස් නිල‍ධාරීහු අතුරුදන් වුහ .

පාදඩ පාතාල පිරිස්

දෙපාර්ශවශ්වය අතර ගැටුමක් නිර්මාණය කිරීමට පොලිිසිය සැළසුම් කර තිබුණ ද ඊනියා යුක්තියේ මෙහෙයුමට එරෙහිව උද්ඝෝෂණය පිරිස්ගේ සංයමය නිසා එම සැලසුම ව්‍යාර්ථ විය .

රනිල් -රාජපක්ෂ ආණ්ඩුව කම්කරු -පීඩ්ත ජනතාව මත බදු බර පටවමින් ‍, ජාතික සම්පත් විකුණමින් ,අත්‍යවශය භාණ්ඩ මිල ඉහල දමමින් සහ ඊනිය යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන මර්දනයට එහෙිව නැගී සිටන්නන්ට එරෙහිව ධනපති ක්‍රමයෙන් බැට කන වැලේවැල් නැතිව සිටින පාදඩ නිර්දන පිරිස් අභිමුඛ කිරීමට ආණ්ඩුව උපක්‍රමික වි ඇත.

මිට පෙර ආණ්ඩුව  අරගලකරුවන්ට ,ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්  ස්ටාලින්ට සහ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් එරෙහිවත් එම පාදඩ නිර්ධනීන් යොදා ගත්තේ.

පොලිස් අඩම්තේටම් වලට ලක් වු බොරු නඩු අටවා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින, පැහැරගෙන ගොස් මරා දැමු පවුල්  වමේ පක්ෂ සහ බහුජන සංවිධාන උද්ගෝෂණය සදහා කැදවා තිබු බව කී මාධ්‍යවේදි සහ කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ ලේකම් ශාන්ත විජේසුරිය ව්‍යාජ වම්මුන්ගේ ව්‍යාජ බව මෙන්ම කුහක වම්මුන්ගේ කුහක බව පෙන්වු මෙම උද්ඝෝෂණය ලිට්මස් පරක්ෂණයක් බදු බව පැවසීය .  ලෙනින් සහෝදරයා අපට  උගන්වලා තියෙන්නේ වෙන්ව ගමන් කරන ගමන් එක්ව සටන් කරන්න කියලා නමුත් මෙතැනදී ව්‍යාජ වම්මු  පන්ති පදනම සුළු ධනේශ්වරයි .  ඔවුන් අවස්ථාවාදි ,ජාතිකවාදී සහ එක්සත් අරගල ඔවුන්ට අරහන් . එම සියලු ලක්ෂ ඔවුන්ට උරුම වී ඇත්තේ පන්ති පදනමෙන් . කුහක වම්මු ව්‍යාජ වම්මුගේ කන්‍යා බවය ප්‍රශ්න කරමින් එක්සත් අරගල උවමාවෙන් මග හරිමින් නන්දොඩවන පිරිසක්.  මෙයත් එක්තරා ආකාරයේ අවස්ථාවාදයක්. බොහෝ වාමාංශිකයි කියා ගන්නා පිරිස් මේ යුක්තියේ මෙහෙයුමට පක්ෂයි . කුඩු ජාවාරම්කාරයෝ සහ පාතාලය නැති කරන එක නියමයි කියන ඒ සමාජ පසුගාමී මතයේ ගිලිලා ඉන්නේ . පාතාලය මර්දනය කරන මුවෙන් සහ  පාතාලය හා කුඩු ජාවාරම්කරුවන් මර්දනය මුවාවෙන් සමාජය තුළ ජනප්‍රිය වන සන්නද්ධ හා පොලිස් මැර කල්ලි ඒ අවසරයෙන් ආණ්ඩුවේ විරුද්ධවාදීන්ද ඝාතන කරන්න නියමිතයි කියන කාරණාව තේරුම් ගන්න බැරි තරමට ඊනියා වාමාංශිකයෝ අවස්ථාවාදයේ පතුළට ගිලා බැහැලා ඉන්නේ . මේ ඊනියා මෙහෙයුම පටන් ගතු වෛෂික හේතුන් වටහා ගන්න බැරි තරමට කට්ටිවාදයෙන් ඇබීබාකරණයට ලක් වෙලා .මෙම කුහක සහ ව්‍යාජ වම්මුන්ට එරෙහිව සිදු කරන අරගලය කියන්නේ ධනවාදයට එරෙහිව සිදු කරන  අරගලයේම කොටසක් . පන්තියට පක්ෂයක් නැතුව මේ අරගලය ජය ගන්න බැහැ . සෑම ප්‍රයෝගික ක්‍රියාවකම අරමුණ විය යුත්තේ පන්තියට පක්ෂය හැදීම සදහා අතවශ්‍ය පන්තියේ දියුණු මිනිසුන් සොයා ගැනීමයි . ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අද ‌අපි සමග සිට ගත් ස‍ෑම කෙනෙක්ම‌ ‌ෙඒතිිිිිිහාසික මිනිස්සු බව කොළඹ ක්‍රියාකිරි කිටුවේ ලේකම් විජේසුරිය වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *