පොලිස් සහ හමුදා බුද්ධි අංශ නොමග යැව් ජනතා විරෝධය

ත්‍රස්තවාදි වැළැක්විමේ පනත යටතේ රදවාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරි ධඹ්ම හිමි වහා නිදහස් කර ගැනීම සදහා එක්සත් ජාතීන් සංවිධානයට මැදිහත් වන්නැයි බලකර අද (18) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එම කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණය පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විශ්ව විද්‍යෘල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන මගින් සංවිධානය කරන ලදී .

මුදලිගේ සහ සිරි ධම්ම හිමි ත්‍රස්තවාදි පනත යටතේ රදවා තබාගෙන අද (18) දින අනුවකි .

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට රැස් වු විරෝධතාකරුවන් මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ බැනර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වු අතර පසුව පොලිසිය විරෝධතාකරුවන් බම්බලපිටිය මංසන්දිය දක්වා විසුරුවා හැරියේය.

පසුව විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් කර , ඩුබ්ලිකේෂන් හරහා අගමැති කාර්යාලය දෙසට ගමන් කරද්දි . පෙලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් පලවා හරින ලදී .

කිරුළපන සිට ටවුන්හොල් දක්වා පැමිණි පෙළපාලියට ටවුන්හොල් වල දී එකතු වු විරෝධතාකරුවන් හෝටන් ප්‍රදේශය හරහා බොරුල්ල දෙසට විරෝධතාකරුවන් ගමන් කරද්දී , පෙළපාලියට පිටුපසින් පැමිණි වතුර බවුසරයක් ජල ප්‍රහාරයක් එල්ල කළේය .

ජල ප්‍රහාරය සමග විසුරුණු විරෝධතාකරුවන් නැවත එකතු වි බොරුල්ල වැලිකඩ බන්ධනාගාරයට දක්වා ගමන් කොට , රුස්විමක් පවත්වා විසිර ගියහ . නමුත් පොලිසිය , විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන පොලිසිය කැරලිකරුවන් පිටුපස ලුහුබදින ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *