පොලිසියට එරෙහිව මාධ්‍යවේදීන් ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

 අන්තර් ව්ශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩයේ පාගමන අවහිර කිරීම සඳහා මාර්ග බාධක යොදා පොලිසිය මුළුමනින් ම පාර වසා දැමිම නිසා රාජකාරියට බාධා එල්ල වු බවත් අධිකරණ නියෝගය විකෘති කර අධිකරණයට අපහාස කර ඇති බවත් කියමින් ජනමාධ්යවේදීන් පිරිසක් මානව හිමිකම් කොමිසමට හා කොටුව පොලිසියට ඊයේ (අප්රේල් 24) පැමිණිලි කළහ. විරෝධතා පා ගමන වාර්තා කිරීමට පැමිණි මාධ්යවේදීන් පිරිසක් විසින් මෙම පැමිණිලි කර ඇත .

සිය වාර්තාකරණ කටයුතු සඳහා ලේක්හවුස් වට රවුම දෙසින් ගෝල්ෆේස් පිටිය දෙසට යාමට පැමිණි මාධ්යවේදීන් ලෝටස් පාර දෙසින් මාර්ග බාධක යොදා පාර මුළුමනින් ම වසා තිබෙනු දැක ඒ ගැන කොළඹ මධ්යම ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිට දුරකතනයෙන් දන්වා තිබේ. මාර්ග බාධකයේ රාජකාරියේ නියුතු සහකාර පොලිස් අධිකාරිවරයාට සිය අනන්යතාව පෙන්වා වාර්තාකරණ කටයුතු කරන්නැයි ජේයෂ්ඨ අධිකාරිවරයා මාධ්යවේදීන් පිරිසට පැවසූ බව මාධ්යවේදී තරිඳු ජයවර්ධන මාධ්යයට පැවසීය.

පොලිස් අධිකාරිවරයා ගේ නියෝග නොතැකු මාර්ග බාධකයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයා මාධ්යවේදීන්ගේ හඬට කන් නොදී එතැනින් ඉවත් ගිය බැවින් , පැයකට අධික කාලයක් එහි රස්තියාදු වන්නට මාධ්ය කණ්ඩායමට සිදු වූ බව ඔහු කීය. පසු මාධ්යවේදීන් පිරිස කොළඹ කොටුව පොලිසියට හා මානව හිමිකම් කොමිසමට වෙන වෙන ම පැමිණිලි දෙකක් කළ බව ද ජයවර්ධන මහතා කීය. පැමිණිලි කිරීමෙන් අනතුරුව උද්ඝෝෂක ස්ථාන වෙත පැමිණි මාධ්යවේදීන් එහි සිටි නියෝජ්ය පොලිස්පතිවරයකුගෙන් උසාවි නියෝගයක් නොමැතිව පාරවල් වැසුවේ ඇයිදැයි විමසූ බවත් මිරිහානේ විරෝධයේදී හටගත් තත්ත්වය උපකල්පනය කර එවැනි තීරණයක් ගත් බව ඔහු පැවසු බවත් ජයවර්ධන වැඩිදුරටත් පැවසිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *