LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පොලිසිය අරගලකරුවෙකුට අමානුෂික ලෙස පහාර දිලා.

පසුගිය 28 වෙනිදා ගාලුමුවදෝර අරගලයට දින 50 පිරීම නිමිතෙන් පැවැති පෙළපාලියට හා උද්ඝෝෂණයට සභාගි වු ලක්ෂිත හෙට්ටිආරච්චි (28) තරුණයාට එදින සවස පොලිසිය විසින් අමානුෂික ලෙස පහාර දී ඇත .

ලෝක වෙළඳ පොලට පිවිසෙන මාර්ගය හරහා පොලිසිය මගින් සවිකර තිබු මාර්ග බාධකය කඩාගෙන අරගලකරුවන් පිරිසක් ඉදිරියට යැමට උත්සහා කර ඇති බවත් එම අවස්ථාවේ පොලිසිය අරගලකරුවන් පලවා හැරීමට කදුළු සහා ජල ප්‍රහාර එල්ල ඇති බවත් එහි දී මාධ්‍යවේදීන් අතර සිටි හෙට්ටිආරච්චි පැහැර ගත් පොලිසිය මාර්ග බාධකය පිටුපසට රැගෙන ගොස් පහාරදී තිබේ .
පොලිස් පහාර කෑමට ලක් වු හෙට්ටිආරච්චි ගේ ශරීරය පුරා නියපොතු පහාර වල් මෙන්ම තද කළු පැහැ පැල්ලම් දක්නට ඇත .

හෙට්ටිආරච්චි අග්නිදිග විශ්වවිද්‍යාල හිටපු ශිෂ්‍යයෙක් වන අතර රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පදිංච්කරුවෙකි .

මාර්ග බාධක කඩන්න තෝපි කවුද? තෝපිට ආණ්ඩු පෙරලන්න දෙන්නේ නැතැයි කියා පොලිස් නිලධාරීන් හෙට්ටිආරච්චිව වට කරගෙන පහාර දී ඇත .

හෙට්ටිආරච්චිට පොලිස් නිලධාරීන් පහාර දෙන තැන උසස් පොලිස් නිලධාරීන් දෙදනෙක් සිටි බව ඔහු පවසයි .

හෙට්ටිආරච්චි තමනට පොලිසිය අමානුෂික පහාරදිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද කර ඇත .

3 thoughts on “පොලිසිය අරගලකරුවෙකුට අමානුෂික ලෙස පහර දිලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *