පොලිසිය මරා දැමු චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද.

පොලිසිය මරා දැමු චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද.

රඹුක්කන පොලිසිය වෙඩි තබා මරා දැමු 42 හැවරදි චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) පවුලේ සුසාන භුමියේ දි සිදු කෙරේ .

ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ  පරික්ෂණය පෙරේදා ( 21) සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය බාර දෙන ලදී .

පසුගියදා රඹුක්කනදී ආණ්ඩුවට එරෙහිව මතු වු විරෝධතායට වෙඩි තබන්නැයි නියෝග කර ඇත්තේ ,කෑගල්ල ජේයෂ්ඨ පොලිස් අධිකාරී කේ .බී .කීර්තිරත්න බව ඊයේ (22) විවෘත අධිකරණය හමුවේ අනාවරණය විය .

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරන ලදී . එම නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන එකකයේ නිලධාරීන් ටී 56 යේ ගිනි අවි 04 කින් උණ්ඩ 35ක් භාවිතා කර ඇති බව එම කමිටුව අධිකරණය හමුවේ කියා සිටියේය .

සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ආතුළු 51ක් දෙනෙක් ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ඇති බව ද අධිකරණයට දැනුම් දෙන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *