පොලිසීයේ කදුළු ගෑස් වලට සිසුන් ගල් වලින් පිළිතුරු දෙති

කැරළි මර්දන පොලිසිය කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් එම විශ්ව විද්‍යාල තුලට පැන සිසුන්ට පහර දීමත් නිසා ප්‍රකෝපවු සිසුන් පෙලිසියට ගල් මුල් වලින් පහර දුන්හ .

මෙම ප්‍රහාරයෙන් කැරළි මර්දන පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගත ඇත.

සිසුන් පොලිසියට පහර දීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විණ .

ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කර තුන්මුල්ල දෙසට ගමන් කළ සරසවි සිසුන්ගේ විරෝධතා පෙළපාලිය කොළඹ විශ්ව විද්‍යාල මැද දි ජල ප්‍රහාරක රථ යොදා හරස් කළ කැරළි මර්දන පොලිසිය සිසුන්ට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණ . ජල සහ ගෑස් ප්‍රහාර හමුවේ විරෝධතාකරුවන් එයි්න් බේරීම සදහා කොළඹ විශ්ව විද්‍යාලය පරිශ්‍රයට ඇතුල් විමත් සමග පොලිිිිසිය ඒ දෙසට කදුළු ගැස් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රකෝප වු සිසුන් පොලිසියට ගල් වලින් පහර දී තිබේ .

මෙම විරෝධතා පෙළපාලිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලදි .

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පන්නමු , ක්‍රම වෙනසක් සදහා පෙළගැසෙමු , ත්‍රස්ත පනත අහෝසී කරනු සහ බඩු මිල අඩු කරනු යන ඉල්ලීම් පදනම් කරගෙන මෙම විරෝධතා පෙළපාලිය පැවැත්විණ .

ආණ්ඩුව මෙම විරෝධතා පෙළපාලිය විසුරුවා හැරීම සදහා පොලිසිය , කැරළි මර්දන පොලිසීය සහ සන්නා සන්නද්ධ හමුදාව ද කැදවා තිබුණි .

කැරළි මර්දන පොලිසිය කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ,විශ්ව විද්‍යාල භුමීයට ඇතුල් වි සිසුන්ට පහර දීම ගැන සිසුන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුද සිය විරෝධය පොලසීයට පල කළහ .

මෙම විරෝධා පෙළපාලියට කොළඹ විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගි නොවු අතර පොලිසිය කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර , විශ්ව විද්‍යාලය ඇතුළට ගොස් සිසුන්ට පහර දීමත් සමග එම සිසුන් ද පොලිසීයට එරෙහිව විරෝධතාකරුවන් සමග එක් වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *