පොහොට්ටු මැරයන්ට එරෙහිව පෙත්සම් විභාගයට ගැනීමට අවසර

පුගිය මැයි 09 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරයන් පිරිසක් ගාලුමුවදොර අරගල භුමියට කඩා වැදි සාමකිමීව විරෝධතාවයේ නිරත වු අරගලකරුවන්ට පොලු මුගුරු වලින් අමානුෂිකව පහර දිමට එරෙහිව ගොනු කළ පෙත්සම් 05ක් විභාගයට ගනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද( 09) අවසර දුන්නේය .

පෙත්සම් ගොනු කර තිබුණේ පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබු ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසකි .මෙම පෙත්සම අද කැදවනු ලැබුවේ විජිත මලල්ගොඩ සහ ජනක ද සිල්වා යන විසුරු මඩුල්ල හමුවේය .

මෙම පෙත්සම ලබන ජුලි මස 22 වෙනිදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල දින නියම කෙරිණ ,

පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , හිටපු අමාත්‍ය ජෝන්ස්ටන්න් , ප්‍රනාන්දු ,හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පොලිස්පති චන්දන වික්‍රමරත්න ,බස්නාහිර පළාත්භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසට සිද්ධිය සම්බන්ධයෙන් කරුනු දක්වන ලෙසට නොතීසි යවන්නැයි නියෝග කර ඇත.

පෙත්සම්කකරුවන් වනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න හතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සවින්දුවික්‍රම පෙනි සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *