බදු පනත අහෝසී කරන තුරු සටන්වදිනවා -බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක

ජන පිඩිත බදු සංශෝධන හකුළා ගන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකතුව මගින් අද (08) සවස හයිටපිටිය ක්‍රිඩාංගණයේ විරෝධතා රැලියක් පැවැත්විණ .

මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබුණේ ලංකා බැකු සේවක සංගමය ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුවන්ගේ සංගමය ඇතුළු සංගම් විසිනි . එම විරෝධතා රැලියට දෙදහක පමන කම්කරුවන් පිරිසක් සහභාහි වි සිටියහ .

අපි රට පුරා බදු පනත එරෙහිව උද්ඝෝෂණය කරලා තමයි හයිට් පිටියට ආවේ . ආචාර්ය නන්දලගේ මහ ගෙදර අද වහලා .අපි අද ආවේ සංකේත වැඩ වර්ජනයක් කරලා .අපි තොපේ තුවක්කු වලට බය නැහැ . ටී 56 යට අපිව නැති කරන්න බැහැ .මල්ටි බැරල් අරගෙන ආවත් අපි මේ අරගලය දිනනවා . ආණ්ඩුව අයි .එම් .එෆ් . කොන්දේසී වලට යට වෙලා . අයවැය හිගය පියවන්නේ රාජය ආයතන විකුණලා . ශ්‍රි ලංකාවේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජව රජය අද බංකොළොත් වෙලා . සෑම ක්ෂත්‍රයක්ම අධ්‍යාපනය , සංචාරක ව්‍යාපාරය සහ‌ සෞඛ්‍ය කඩා වාටිලා . අද බෙහෙත් නැහැ . බෙහෙත් වල මිල ගණන් ඇහුවාහම මැරෙන එක සැපයි . රාජ්‍ය ආයතන වලට අත තිබ්බොත් ලහනවා ‌හොම්බ ගැලවෙන්න . සක්කරයාගේ පුතා වයිමා ආණුඩුවේ ඉන්නවා .වයිමා කියනවා අයි .එම් .එෆ් . එකට වැදලාලු ලක්ෂය කර ගත්තේ . ධනපතියන්ට සහන සලසන ආණ්ඩුව කම්කරුවන්ගෙන් බදු අය කර ගන්නා බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපි චන්න දිසානායක රැලිය අමතමින් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *