බදු වෙනුවට දඩ ගැසීමට එරෙහිව වෘත්තිකයන් නැගි සිටි

බදු වෙනුවට දඩ ගසන රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් විසින් අද (02) සවස ටවුන්හොල් ග්‍රීන්පාත් වටරවුම ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ , සාධාරණ බදුකරණයක් සදහා මහජන ව්‍යාපාරය මගින්ය.

සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

රජය විසින් වෘත්තිකයන්ගේ විරෝධය මැද ගෙන ආ නව බදු ක්‍රමය නිසා සිදුවන්නේ මෙම ක්ෂත්‍රයේ නියුතු වෘත්තිකයට දැඩි අර්බුදයකට මුහුණ දිම සිදු විමත් එහි ප්‍රතිපලයක් ලෙස වෘත්තිකයන් රට හැර යෑමට හෝ දැඩි ආරක්ෂණවාාාදි අස්ථානයකට තලුල් වි යැමටත් ඒ මගින් සිදු වන්නේ රටට වටිනා මානව සම්පත් අහිමි කර ගැනීමක් බව සාධාරණ බදුකරණයක් සදහා ව්‍යාපාරය මගින් නිකුත් කළ නිවේදනයේ සදහන්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *