බන්ධනාගාර නිල මැරයෙකු සේපාල් අමරසිංහට පහර දෙයි !

දළදා මාලිගාවට සහ බුදු දහමට අපහාස වන අයුරීන් ප්‍රකාශයක් කළා යැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සී .ආර් .පි . බන්ධනාගාරයේය රදවා සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන සේපාල් අමරසිංහට එම බන්ධනාගාරයේ මැර නිලධාරියෙකු විසින් දණ ගස්සවා රිමාන්ඩ් රැදවියන් ලවා සිදු කළ අමානුෂික පහර දිම හෙළා දැක සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් අද (10) අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ .

බන්ධනාරගාර දෙපාර්මේන්තුව මගින් අමරසිංහව කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනවාරි (17) දක්වා බන්ධනාගාරගත කරන්නැයි මහේස්ත්‍රාත් ප්‍රසන්න ුඅල්විස් අද (10) නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අමරසිංහව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි( 06) වෙනිදාය .

අමරසිංහට එරෙහිව අයි .සි .සි .පි පනත ,පුරා විද්‍යා පනත ,ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සහ මුදල් විසුද්ධිකරන යන පනත් යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් චෝදනා ‌ගොනු කර අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම පහර දිම පිටු පස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිටිතැයි සැකයක් මහජනයා අතර පවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *