බ්‍රිතාන්‍ය ඩයනාට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක්

ශ්‍රී ලංකික පුරවැසිභාවයක් නැති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පමනක් හිමි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වත්මන් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබේ .

2022 සැප්තැම්බර් 12 වැනාදා ඉදිරපත් කරන අයදුම් පත්‍රයකට අනුව හදිසි වර්ගීකරණය යටතේ එදිනම ඇයට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබාදී ඇති අතර එම ගමන් බල පත්‍රයේ අංකය වන්නේ 5659363 ය .එම රාජ්‍ය ගමන් බල පත්‍රය බලා ගැනීමට රාජ්‍ය ඇමතිවරිය විසීන් සිය අයදුම් පත්‍රයට අමතරව රනිල් වික්‍රමසිංහ විසින් ඇයට සංචාරක රාජ්‍ය ඇමති ධුරයට පරිනැමු අක්ත පත්‍රය ද ලියවිල්ලක් ලෙස ලබා දී ඇත .

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරීය ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බල පත්‍රයක් ලබාගැනීම සදහා මිට පෙර අයැදුම් කර තිිිබු අතර හිටපු ආගමන හා විගමන පාලක සරත් රෑපසිරි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඇයට හ්‍රී ලාංකීය පුරවැසිභායක් නැති බව කියමින්ය. ඒ සම්බන්ධයෙන් හිටපු ආගමන හා විගමන පාලක සරත් රූපසිරි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න 2021 දෙසැම්බර් 15 දින සහිත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ අවශ්‍ය උපදේස් ලබාදෙන ලෙසය . එම ලිපිය තුළ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සිදුකරන පරික්ෂණ පිළිබදව තොරතුරු ද,ඇය මිට පෙර ලබාගෙන ඇති සමාන්‍ය හා රාජකාරී විදේශ ගමන් බලපත් පිළිබද විස්තර හා ඇයගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්වල විස්තර ද එහි සදහන් කර ඇත. ඒමෙන්ම ඇය ව්‍යාජ තොරතුරු සපයා එම ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවද එම දැනුම්දීමේ සදහන් කර ඇත.

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *