බාල ඖෂධ ගෙනැවිත් මිනී මරණ ආණ්ඩුව පන්නමු !

බාල ඖෂධ භාවිතා කර මිනී මරණ ආණ්ඩුව පන්නමු යැයි ජනතාවගෙන් ඉල්ලමින් අද (16) දහවල් කොළඔ ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෙෘ්ෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා සංවිධානය කරන ලද්දේ එකාබද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරය විසිනි .

ඖෂධ මිල පහත හෙළනු ! ඖෂධ උපකරණ හිගය විසදනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් උද්ඝෝෂකයෝ

ජනතාවනි -පෙරට එන්න

වෙලාව නෑ -බලා ඉන්න

එක මොහොතක් -අපතේ ගියොත්

තව එකකෙුට -වෙයි මැරෙන්න

දවස ගානේ -මිනී මැරුම

රෝහල් වල -මිනීමැරුම්

උන්ම හදපු -අර්බුදේ

අපේ ජිවිත -බිලි දෙනවා යන සටන් පාඨ හඩ පැයකට ආසන්න කාලයක් විරෝධතා උද්ඝෝෂණයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *