බැංකු , තැපැල් සහ වරාය සේවකයෝ දිප ව්‍යාප්තව බදු පනතට විරෝධය පල කරති

රාජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප කොල්ලකන ආණ්ඩුවේ බදු පනත වහා හකුළා ගන්නැයි බලකර ලංකා බැංකු සේවක සංගමය අද (14) දහවල් කෑම පැයේ කොටුව ලෙක්හවුස් වටරවුමේ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මෙම විරෝධතා උද්ඝෝෂණයට රජය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවෝ රැසක් සහභාගි වී සිටියහ .

කෑම පැයේ ලෙක්හවුස් වටරවුමට රැස් වු බැංකු සේවකයෝ සටන් පාඨ සහිත පුවරු ඹසවාගෙන

මොකටද මේ -විරෝදේ

බදු පනතට -විරෝදේ

පිඩනයට -විරෝදේ

බදු පනතට -විරොදේ

ජනතාවට -කන්න නෑ

බඩු මිල -ඉහල යයි

ඉහලට -උඩින්

කහින්නවත් -විදියක් නෑ

බදු ගහනවා -හතරවටින් යැයි සටන් පාඨ කියමින් උද්යෝකයෝ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ නිරත වුහ .

බැංකු , තැපැල් සහ වරාය සේවකයෝ අද දහවල් කෑම පැයේ රටපුරා දිප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *