බුද්ධී ගලනය නතර කළ යුතුයි

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන යෑම පිළබදව පාර්ලිමේන්තුව එකතු වී සාකච්ජා කර විසදුමක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) පාර්ලිමේන්තුවේ දී පැවැසීය .

වෛද්‍ය ශිෂ්‍යයෙක් බිහි කිරීම සදහා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපති වික්‍රමසිංහ එසේ වියදම් කරන නිසා ලංකාවේ රුදෙන්නැයි ඉල්ලා සිටියේය .

පුහුණු කර විදේශ රටවල් වලට යැවු අය සමග සංසන්දනය කරද්දී , ඒ රටවල් අපි ලබා ගන්න මුදලට වඩා අප ඒ රට වල් වලට අප ගෙවා ඇති මුදල වැඩි වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි .

මොන ආණුඩුව බලයට ආවත් මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වී ඇති නිසා එම ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *