බෙදන්නට ඉඩ නොදෙමූ- සමාජවාදී තරුණ සංගමය

“බෙදන්නට ඉඩ නොදෙමු එක්ව අපි පියාඹමු ” යැයි 83 කළු ජුලියට අවුරුදු 40 ක් පිරීම නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් අද (23) සවස සංවිධානය කරන ලද පා ගමනට පොලිසීය හා කැරැලි මර්දන පොලිසීය ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන්ව විසුරුවා හැරීමට පියවර ගත්තේය .

සමාජවාදී තරුණ සංගමය කොළඹ හයිඩ් පිටියට රැස් වී එතැන්සිට කොළඹ විහාර මහ දේවි උදාන්‍යයට පා ගමනින් යැමට පෙළපාලිකරුවන් සුදානම් වෙද්දී , පොලිසීය ඒ සදහා ඉඩ නොදුන් අතර පසුව පෙළපාලිකරුවන් පදිකවෙිදිකාව හරහා ගමන් කොට ලිප්ටන් වටරවුමට රැස් වී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ .

විරෝධතාකරුවන් පැය භාගයකට ආසන්න කාලයක් එහි උද්ඝෝෂණයේ නිරත වී පසුව විහාර මහ දේවි උදාන්‍යයට පෙළපාලියෙන් යෑමට උත්සහා කරද්දී , පොලිසීය ජල ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හරින ලදී .

විරෝධතාකරුවන් පසු විහාර මහ දේවි උදාන්‍යයට රැස් වී 83 නේ කළු ජුලිය දිනයේ මරා දමන ලද දෙමළ ජනයා සිහිකර සංස්කෘතික වැඩසටහනක් පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *