බොරු චෝදනා දමා ජා.අ.ආ. ආචාර්ය ‌ලුමිනා ලෙල්ලුපිටියගේ වැඩ තහනම් කිරීමේ වෑයමක්

ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්නී ආචාර්ය ලුමිනා ලෙල්ලුපිටියගේ වැඩ තහනම් කිරීම සදහා එම ආයතනයේ කල්ලියක් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට තොරතුරු අප වෙත ලැබි ඇත. 

ආචාර්ය ලෙල්ලුපිටිය ජාතික අධ්‍යාපන ආයතනයට අයත් මීපේ අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණ පීඨයේ අධ්‍යක්ෂක ( අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන ) ආචාර්ය එස්. කරුණාකරන්ට ඔහුගේ ජාතියට අපහාස කරමින් අපහසුතාවයට පත් කළා යැයි ඇයට චෝදනා එල්ල වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් 2024 ජුනි 05 වනදා පාර්ලිමේන්තුවේදී ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ජාතිවාදී ලෙස කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශය ඊට ආසන්නම හේතුව වී ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතිවාදී නිලධාරීන් පිරිසක් ආචාර්ය කරුණාකරන්ට අධ්‍යක්ෂක ධුරයේ වැඩ කරගෙන යන්නට දෙන්නෙ නැති බවත් එසේ කරන්නේ ඔහු දෙමළ විම නිසා ද යන්න මනෝ ගනේෂන් අධයාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසා සිටියේය .

ආචාර්ය කරුණාකරන්ට ජාතිවාදී නිලධාරීන් පිරිසක් අධ්‍යක්ෂ ධුරයේ වැඩ කරගෙන ය‍ෑම ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසා තිබියදී , එම ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග ආචාර්ය ලෙල්ලුපිටිය එරෙහිව පමණක් මුලික විමර්ශනයක් සිදු කිරීම සදහා ස්වාධීන පුද්ගලයෙකු පත් කිරීමට ආයතන සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත. මනෝ ගනේෂන් කියන අනෙක් නිලධාරින් කවුද? එම නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් සිදු නොකරන්නේ ඇයි ?

මහාචාර්ය සේතුංග ආයතන සභාවේ සභාපතිවරයා වෙත යවන ලද ලිපිය අප වෙත ලැබි ඇති අතර එම ලිපියේ ආචාර්ය කරුණාකරන්ට ජාතිවාදී ලෙස සැලකීමේ චෝදනාවට අමතරව  ආචාර්ය ලෙල්ලුපිටිය අතීතයේ සිදු කළා යැයි කියන අක්‍රමිකතා හා අනිසි හැසිරිම් එහෙත් මේ දක්වා කිසිදු විමර්ශනයක් කර නැති චෝදනා  04 ක් එහි සදහන් කර ඇත. එම චෝදනා පහතින් ඵල වේ .

01) පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව 2010 / 2011 කණ්ඩායමේ පාඨමාලාභීන් දස දෙනෙකුගේ පාඨමාලා ගාස්තු අවසරයකින් තොවර තමා සන්තකයට ලබා ගැනීම ඇතුළු පුල්‍ය අක්‍රමිකතා හා විෂමාචාර සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කර නොමැති බවට ජාතික අධ්‍යාපන ආයතනයේ 2023 .12.31. දිනෙන් අවසන් වර්ෂය සදහා මුල්‍ය ප්‍රකාශන හා වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබද 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාවේ සදහන් වේ .

02)  2023.08.17 දින රාජකාරි වේලාව තුළ දී රාජකාරී වාහන භාවිතා කරමින් ආයතන පරිශ්‍රයෙන් පිටත හෝටලයක උපන් දින සාදයක් පැවැත්වීමට ආදාළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන සිදු කරමින් පවති (පැමිණිලි අංකය බි.සි.1572/2022 /බී -172­)

03) කළමනාකරණය පිළිබද අධ්‍යාපනපති පාඨමාලාවේ ගෙවිම්වලට ආදාළ අක්‍රමිකතා පිළිබද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශනයක් සිදු කරමින් පවති ‍.

04) මීපේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ අධ්‍යාපන පරිපාලන හා සංවර්ධන දෙපාර්මේනතුවේ සිදු වී ඇතැයි පැවසෙන වංචා හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර මෙම නිලධාරීනියට මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වි ඇත.

එම චෝදනා හතරට අමතරව මීපේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරිය ඇතුළු අනෙක් නිළධාරීන් විසින් එවන ලද රාහස්‍ය ලේඛන කිපයක් ආයතන සභාවේ දැන ගැනීම පිනිස යොමු කර ඇති බවත් මහචාර්ය සේතුංග එහි සදහන් කිරීමට අමතක කර නැත.

ආචාර්ය කරුණාකරන්ට ලෙල්ලුපිටිය ඇතුළු නිලධාරීන් ඔහුට ජාතිය පදනම් කරගෙන උසුලු විසුළු කරමින් අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කරගෙන ය‍ෑමට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේ නොපැවසුවේ නම් , ලෙල්ලුපිටියට එරෙහිව අක්‍රමිකතා හා අනිසි හැසිරීම් චෝදනා එල්ල වන්නේ ද නැත. ඇයට එරෙහිව කරුණාකරන් චෝදනා වලට අමතරව අතීතයේ සිදු වුවා යැයි කියන අක්‍රමිකතා චෝදනා ගොනුකරමින් කැසකවන්නේ ලෙල්ලුපිටයගේ වැඩ තහනම් කිරීමට බව මනාව පැහැදිලි වෙයි.

ආචාර්ය ලෙල්ලුපිට්ය ජාතිවාදය මත පදනම්ව ආචාර්ය කරුණාකරන්ට අපහාස කර ඇත්නම් ඊට එරෙහිව විමර්ශනයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගතයුතු වගේම ජාතික අධ්‍යාපන ආයතනය තුළ විසදා ගතයුතු ප්‍රශ්නයක් ආයතන සංග්‍රහය නොතකා මනෝ ගනේෂන්ට තොරතුරු බලා දී සම්බන්ධයෙන් කරුණාකරන්ට එරෙහිව විමර්ශනයක් නොකැදවිමෙන් අධ්‍යක්ෂක ජනරාල්වරයා එකපාර්ශ්විය මෙන්ම අත්තනෝමතිකව කටයුතු කර ඇති බවක් පෙනේ.

කළමනාකරණ විෂය සම්බන්ධයෙන් ලෙල්ලුපිටියට අධ්‍යාපනවේදී උපාධියක් ඇති අතර ජාතික අධ්‍යාපන අවුරුදු 19 යක පළපුරුද්දක් ඇති තැනත්තියකි. මීපේ අධ්‍යාපන නායකත්ව හා කළමනාකරණ පීඨයේ  අධ්‍යක්ෂ ලෙස අවුරුදු එකහාමාරක කාලයක්  එම ධුරයේ වැඩ බලා ඇත. පසුව ඇයව එම වැඩ බලන ධුරයෙන් ඉවත් කර මීපේ සමාජවිද්‍යා දෙපාර්මේන්තුවේ දේශපාලන විද්‍යා පීඨය භාරව සිටි ආචාර්ය කරුණාකරන්ව අධ්‍යාපන නායකත්ව හා කළමනාකරණ පීඨයේ අධ්‍යක්ෂක ලෙස පත් කිරිම මෙම ගැටුම හේතු වී ඇත.

ආචාර්ය ලෙල්ලුපිටිය ඇයට හිමිය විය යුතු පත් විම කළමනාකරණ විෂයට කිසිදු සම්බන්ධයක් නැති කරුණාකරන්ට ලබා දිම නිසා ලෙල්ලුපිටියගේ මුලික අයිතිවාසිකම් එම අයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු වගකිව යුතු නිලධාරීන් විසින් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර ඇත.

හිටපු සහ දැනට කටයුතු කරන අධ්‍යක්ෂ ජනරාල්වරු අත්තෙනාමතිකව සහ බදවා ගැනිමේ පටිපාටිය අමුඅමුවේ උල්ලංඝණය කරමින් ඔවුන්ට හිලෑ හිතවතුන්ට සැලකිම ජාතික අධ්‍යාපන ආයතනයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට හේතුව බවත් එම ආයතනයේ නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය‍ැවීම සදහා සකස් කර ඇති ලිපියේ මෙසේ සදහන් කර ඇත.

අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානතම වගකිම වනුයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන නමුත් එම කාර්යය මේ වන තෙක් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විම .ඒ පි‍ළිබද වටහා ගැනීමට නම් වර්තමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා සම්මුඛ සාකච්ජාවකට කැදවා ප්‍රශ්න කළ යුතුය .

අධ්‍යක්ෂ ජනරාල්වරයාට කළමනාකරණය පිළිබද අවබෝධයක් නොමැතිවිම නිසා කාර්යමණ්ඩලය සුදුසු පරිදි අභිමුඛ කර ගැනිමට අසමත්විම .

ආයතනයේ කාර්යමණ්ඩලය බදවා ගැනීම හා උසස් කිරීම් නිත්‍යානුකුල නොවන ආකාරයෙන් සිදු කිරීම.

අභ්‍යන්තර උස්සවිම් සදහා අයදුම්පත් කැදවා අභ්‍යන්තර බදවා ගැනීම් සිදු කිරීම .

පරිවාස කාලයේ සේවය කරනු ලබන සේවකයින් සදහා අභ්‍යන්තර උසස්විම් ලබා දීම .

අභ්‍යන්තර උසස්විම් වලට ආදා‍ළ ක්ෂත්‍රයේ පළපුරුද්ද නොමැතිව  අභ්‍යන්තර උසස්විම් ලබා දීම සදහා බදවා ගැනීමේ පටිපාටිය අමු අමුවේ උල්ලංඝණය කිරීම .

අභ්‍යන්තර උස්සවිම් ලබාදිය යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය අනුව වන නමුත් ජ්‍යෙෂ්ඨත්වය පිළිබද සැලකිල්ලක් නොකර , අභ්‍යන්තර උස්සවිම් ලබාදීම .

බදවා ගැනීමේ පටිපාටිය පරිදි අභ්‍යන්තර උස්සවිම් වලට සුදුසුකම් නොමැති බදවා ගැනිම් .

අධ්‍යක්ෂක ජනරාල් විසින් අභ්‍යන්තර උසස්විම් ඇතුළු සියලුම බදවා ගැනිම් සම්බන්ධයෙන් ආයතන සභාවට වැරදි තොරතුරු ඉදිරිපත් කිරිම .

අභ්‍යන්තර උසස්විම් කිරීමට පෙර අභ්‍යන්තර උසස්විම් සිදු කරන ආකාරය වැරදි බව ආයතනයේ කාර්යමණ්ඩලයේ විසින් අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලද අතර එවා නොසලකා හරිමින් කටයුතු කිරිම .

අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ආයතනයේ කාර්යමණ්ඩලයේ නිලධාරින්ට වෙත නොමැති චෝදනා ගොනු කරමින් හා ඉහල නිලධාරීන්ට අනිසි බලප‍ෑම් කරමින් නිලධාරින් සදහා චෝදනා ඉදිරිපත් කරන ලෙස බල කිරීම හා තම අතකොලු විසින් ඉදිරිපත් කරන සාවද්‍යය ලේඛන පුද්ගලික පලිගැනීමේ චේතනාවෙන් අල්ලස් හා දුෂණ කොමිසමට යොමු කරන ලෙස ඉහළ නිලධාරීන්ට බල කිරීම .

අධ්‍යක්ෂක ජනරාල්ගේ පුරණ අනුග්‍රහය යටතේ සාවද්‍ය කරුණු ඇතුළත් කරමින් ආයතන සභාවට ,අල්ලස් කොමිසමට , අධ්‍යාපන ලේකම්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපති ලේකම්ට විවිධ පාර්ශ්ව හා පුද්ගලයින් සහ වෘත්තීය සමිති නම් වලින් පෙත්සම් යොමු කිරීම .

ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයේ නියෝජිතයන් අධ්‍යක්ෂක ජනරාල්වරු තිදෙනෙකුගේ සහ සහකාර අධ්‍යක්ෂක පරිපාලනගේ තනතුරු වලට ආදාළව සුදුසුකම් ලබා නොමැති බවත් ඒ පිළිබද ආයතන සභාවේ සභාපති විසින් දැනුවත් නමුත් ආදාළ හතර දෙනාගෙන් දෙදනෙකු වන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (පරිපාලන මුදල් හාසහන සේවා ) හා සහකාර අධ්‍යක්ෂක  (පරිපාලන) නම් හිතාමාතාම ආදාළ වාරණ ලබා නොදී , අනෙකුත් අධ්‍යක්ෂක ජනරාල්වරු දෙදෙනාගේ නම් පමණක් පරික්ෂා කිරීම සදහා සභාව නොමඝ යවා ආයතන සභාවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම .

ජාතික අධ්‍යාපන ආයතනයට අයත් මීපේ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන පීඨයේ අධ්‍යපන පරිපාලන හා සංවර්ධන දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක තනතුර සදහා 2023.08.15. දිනැතිව අයත්වන පරිදි අභ්‍යන්තර උසස්විම් සදහා අයදුම් පත් කැදවිම් කර එම තනතුරට සියලුම සුදුසුකම් සහිතව කළමනාකරණයට ආදාළව ආචාර්ය උපාධියක් හිමි එම දෙපාර්මේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂක ධුරය දරමින් සිටි ආචාර්ය ලුමිනා ලෙල්ලුපිටියට එම තනතුර ලබා නොදි බදවා ගැනීමේ  පටිපාටියට පටහැනි දේශපාලන විද්‍යාවට මුලික උපාධියක් හිමි ආචාර්ය එස් .කරුණාකරන්ට එම දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ධුරය ලබා දිම මගින් එම දෙපාර්තමේන්තුවේ අකර්මනය වන තත්වයට පත් කිරිම .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *