මත්දුව්‍ය කාර්යංශය මගින් මරා දැමු සමන්ත ගැන සොයන්නට පොලිස්පති මැදිහත් වෙයි

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදි මිය ගිය සමන්ත ප්‍රීති කුමාර සිද්ධිය පිළිබද පරික්ෂණ කිරීමට පොලිස්පතිවරයා විසින් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට භාර දි ඇත.

මුල දි මරදාන පොලිසිය මගින් කුමාරගේ ඝාතනය පිළිබද පරික්ෂණ කටයුතු සිදු කළ අතර පසුව ඥාතීන් අධිකරණය හමුවේ සිදු කළ ඉල්ලිලි මත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන ලදි. ‌මරදාන . ඊට මරදාන පොලිසියට සහය දක්වන්නැයි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ රාජිත ලක්මාල් ඉල්ලා සිටියේය .

පසුගිය 10 වෙනිදා මත්දුව්‍ය නාශක අංශය මගින් නාරාහේනපිට වෘත්තීය පුහුණු අධිකාරීයේ සේවය කළ සහාකාර කළමනාකුවෙකු වන කුමාරව නාරාහේන්ට යුදහමුදා ‌රෝහල ඉදිරිපිට දි පැහැරගෙන යන ලදි .

මත්දුව්‍ය කාර්යංශයේ නිළධාරින් කුමාරාා අමානුෂික ලෙස පහර දි ප්‍රශ්න කරද්දි ,ඔහු සිහිසුන් වි ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මත්දුව්‍ය කාර්යංශ නිළධාරීන් තම ස්වාමී පුරුෂයාට පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහර දි ඝතනය කළ බව ඔහුගේ බිරද වන ශීරාණි දිල්රුක්ෂි ප්‍රියදර්ශන මාලිගාකන්ද අධිකරණයේ සාක්කි දෙමින් පැවැසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *