මදුෂ්ක මෙන් සලිදු සහ චින්තක මරා දමන බවට ආරක්ෂක අංශ තර්ජනය කරයි .

මැඩගස්කර ආරක්ෂක අංශ මගින් මාර්තු 01 වනදා අත්අඩංගුවට ගත් සේල්වම්පේරුමගේ සලිදු මල්ෂික ගුණරත්න හෙවත් පානදුරේ සලිදු සහ නදුන් චින්තක හෙවත් හරක් කටා හෙට (15) ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එන බව ආරක්ෂක අංශ පවසයි .

ඹවුන් ඊයේ (14) මෙරට රැගෙන එමට නියමිතව කිබුනත් ගුවන් ගමන් ප්‍රමාද විම නිසා ගෙන එමට නොහැකි වු බව පොලිසිය පවසයි .

මැඩගස්කර ආරක්ෂක අංශ මගින් සලිදු සහ චින්තකව අත්අඩංගුවට ‌ගෙන ලංකාවට බාර දී ඇත්තේ, මෙරට ආරක්ෂක අංශ ඹවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් ලබාගත් රතු නිවේදන වලට අනුවය .

මැඩගස්කරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවරටත් ඒතැන් සිට අද සලිදු සහ චින්තකව ඉන්දියාවටත් රැගෙන විත් ඇති අතර හෙට (15) ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එන බව ආරක්ෂක අංශ සදහන් කරයි ..

සලිදු සහ චින්තක මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ මිනීමැරුම් වලට සම්බන්ධ බව පොලිසිය ‌ ‌චෝදනා කරයි .

තම දරුවන්ගේ ජිවිත ආරක්ෂා කර දෙන්නැයි සලිදුගේ මව සහ චින්තකගේ පියා අද (14) බම්බලපිටියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිසමට ‌ගොස් පැමිණිල්ලක් ද කර තිබේ .

මිට පෙර ඩුබායි සිට මෙරට රැගෙන ආ මාකදුරේ මදුෂ්කව ආයුද පෙන්වන්න යැයි එළියට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදි .

ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත් (කෝටි12 කට ) එකකට බස්නිහිර පළාත් භාර නියෝ‍ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මදුෂ් ඝාතනය සිදු කළ බවට චෝදනා එල්ල වි ඇත. ඩුබායි සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිපදෙනෙක් ගේ නම් හෙළි කර ඔවුන් මරා දමන බවට මදුෂක සිදු කරන ප්‍රකාශය මදුෂ්කගේ ඝාතනයට සම්බන්ධයක් ඇත.

සලිදු සහ චින්තකව මදුෂ්ක මෙන් මරා දමන බවට ඔවුන්ගෛ් දෙමවිපියන්ට විහේෂ කාර්ය බල කායේ නිලධාරීන් තර්ජනය කර තිබේ .

සලිද සහ චින්තක මෙරට ගෙන එමටත් පෙර ඔවුන්ට කරන දේ ගැන පොලිසිය කලින් තීන්දු කර හමාරය .

මේ ගොඩනගන්නට යන්නේ පොලිස් රාජයකි .

මෙය මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම් චෝදනා ලබන අයට පමනක් නොව බඩ ගින්නට ,මන්දපෝෂණය සහ අයිතිවාසිකම් සදහා සටන් වදින මහජනයාව ද තුවක්තු පෙන්නට යැයි රැගෙන මරා දමන දිනය වැඩි ඇතක නැත . සලිදු සහ චින්තක අපරාධ කර ඇත්නම් ඔවුන්ව නීතියට හමුවට පනුවා දඩුවම් කරනවා හැර සලිදුගේ ,චින්තකගේ ජිවිත උදුරා ගන්නට පොලසියට හෝ ආරක්ෂක අංශ වලට කිසිදු අයිතියක් නැති බව ලංකා ස්කයි නිව්ස් අවධාරනය කරමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *