මන්නාරමේ වැලි කැනීම හා බලාගාර ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක

protest against sand mining and construction of power plants in Mannar

මන්නාරම, වෙරළ විනාශ කරමින් ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් සිදුකිරීමට නියමිත වැලි කැනීමේ ජාවාරමක් වළක්වන ලෙසට හා මන්නාරම පරිසර කලාපය තුළ සුළං බලාගාර ඉදිකිරීමට විරුද්ධව මන්නාරම වැසියන් අද (29) මන්නාරම නගරයේ විරෝධතාවයක නිරත විය.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ මන්නාරම ස්භාවික පරිසර කලාපය විනාශ කරමින් ජාවාරම්කරුවන් සිදුකිරීමට නියමිත වැලි කැනීමේ ජාවාරම හා සුළං බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති වහාම නවතා දැමීමට කටයුතු කළ යුතු බවයි.

මන්නාරම වෙරළ කලාප විනාශ කරමින් සිදුකිරීමට නියමිත වැලි කැනීමේ ජාවාරම හා මන්නාරම ස්භාවික පරිසරයට හානි කරමින් සිදුකිරීමට නියමිත සුළං බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලීම් කළහ.

විවිධ ව්‍යාපෘති හා සංවර්ධන වැඩසටහන් මුවාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ස්භාවික සම්පත් විනාශ කිරීමේ ජාවාරමක් සිදුකරමින් පවතින බවද විරෝධතාකරුවන් පැවසූහ.

අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් මන්නාරම සාගර කලාපය විනාශ වි ධීවර රැකියාව මත ජිවත්වන මන්නාරම ජනතාවට ජිවත්වීමට නොහැකි තත්වයක් උදාවිය හැකි බව ද ජනතාව සඳහන් කළහ.

මන්නාරම දිස්ත්‍රික් ධීවර සංගම් නියෝජිතයින්,ගොවි සංවිධාන නියෝජිතයින්,ආගමික නායකයින්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා මන්නාරම ජනතාව එක්ව විරෝධතාවය සංවිධානය කොට තිබිණ.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට යෝජිත වැලි කැනීමේ ව්‍යාපෘති හා සුළං බලාගාර ව්‍යාපෘති නවතා දමන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරමින් ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට සංදේශයක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් වෙත භාරදීමට විරෝධතාකරුවන් කටයුතු කළහ.

1 thought on “මන්නාරමේ වැලි කැනීම හා බලාගාර ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක

  1. මන්නාරමේ වැලි කැනීම හා බලාගාර ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *