මනුෂ අලුත් පනතකින් කම්කරු නීති 13ක් අහෝසි කරයි

කම්කරු නීති දහතුනක් අහෝසි කරමින් එක් පනතක් ගෙන එම සම්බන්ධයෙන් වු කෙටුම්පත කම්කරු ඇමති මනුෂ නානයක්කාර විසින් ජාතික කම්කරු උපදේශක සභාවට ජුලි 06 වැනිදා ඉදිරිපත් කර ඇත.

ඊට අනුව වෘත්තීය සමිති ආඥා පනත ප්‍රසුතිකාධාර ආඥා පනත ,පඩි පාලක සභා අඥා පනත , කර්මාන්ත ශාලා ආඥා පනත ,කර්මිකක ආරවුල් පනත ,සාප්පු හා කාර්යයාල පනත ,කාන්තාවන් තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබද පනත ,සේවය අවසන් කිරීමේ පනත , පාරිතෝෂික ගෙවීමේ පනත ,හා සේවා නියුක්තයන්ගේ විශ්‍රාම යෑමේ අවම වයස පනත් අහෝසි වී මෙම අලුත් පනත නිර්මාණය වනු ඇත.

මෙම පනත හදුන්වා දී ඇත්තේ සේවා නියුක්තයන් කර්මාන්තතයකට හෝ සේවාවකට සේවයට බදවා ගැනීම ,සේවා ගිවිසුම් , සේවය අවසන් කිරීම , සේවය කිරීමේ කාලය ,නිවාඩු ,මාතෘ නිවාඩු ,වේතන ගෙවීම ,ජාතික වේතන කවුන්සිලයක් පිහිටුවීම,පාරිතෝෂික ගෙවීම ,කාන්තාවන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම ,කාර්මික ආරවුල් විසදීම ,වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම ,වෘත්තීය ආරක්ෂාව ,සෞඛ්‍ය හා සුභසාධනය ,නිවසේ සිට වැඩ කිරීම ,විදේශ සේවා නියුක්තයකු සේවයේ යෙදවීම ,වැඩපල ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැලැක්වීම ,ලේඛන පැවැත්වීම සහ ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සදහා විධිවිධාන සැලැස්වීම පිණිස වු පනතක් වශයෙනි .

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *