රාජපක්ෂ රෙජීමයේ කුලී හමුදා මගින් කඩා බිද දැමු ජනමාවේදින් ගේ පුවරු යළි අරගල බිමට

 රාජපක්ෂ රෙජීමය විසින් සහ පැවැති ආණ්ඩු මගින් මරා දමන ලද ,අතුරුදන් කරන ලද පැහැර ගෙන ගොස් වධ හිංසා පමුනුවන ලද මාධ්යවේදීන් ගේ ඡායා රූප සහිත පුවරු ජනාධිපති ලේකම් කාර්යාලයේ යකඩ වැටේ සවිකර තිබුණි . පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ කුලී හේවායෝ විසින් ගලවා ඉවත් ඇත . ගාලුමෝදර ජනතා අරගලයට ජනමාධ්යවේදීන් ගේ ද අරගලය බද්ධ කිරීම සඳහා ශ්රි ලංකා ජනමාධ්යවේදීන් ගේ සංගමය එම පුවරු අරගල බිමේ සවිකර කර ඇත . ජනමාධ්යවේදීන් ගේ පුවරු වලට අමතරව රාජපක්ෂ පවුල මගින් මරා දමන ලද තාජුඩීන් සහ ලලිත් – කුඟන් ගේ ද ජයා රූප සහිත පුවරු මෙවර සවි කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *