මරණකරුගේ ඝාතනයට ආදාළ තොරතුරු පොලිසියෙන් විමසනවාට වඩා මරණකරුගෙන් විමසුවා නම් හොදයි – මාලිගාකන්ද මහේස්ත්‍රාත්

මරණකරුගේ ඝාතනයට ආදාළ තොරතුරු පොලිසියෙන් විමසනවාට වඩා මරණකරුගෙන් විමසුවානම් හොදයි – මාලිගාකන්ද මහේස්ත්‍රාත්

අන්තොනි ගමගේ සමන්ත ප්‍රිති කුමාර ඝාතනයට ආදළ තොරතුරු පොලිසියෙන් වමසනවාට වඩා මරණකරුගෙන් විමසුවා නම් දැන ගන්නට තිබුණා යැයි සමන්ත ප්‍රිති කුමාරගේ නඩුව (මැයි 10) විභායට ගත් අවස්ථාවේ මාලිගාකාන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ පැවසුවාය.

මහේස්ත්‍රාත්වරිය එසේ පැවැසුවේ මරණකරුගේ අයිතිවාසිකමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් අපරාධ පරික්ෂණ ස්ථාන අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක මුණසිංහට හරස් ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදීය .

 මෙම නඩුවේ නියෝගය ලබන මැයි 24 වෙනිදාට ලබා දෙන බවත් මම කිසිම පාර්ශ්වයක පැත්ත අරගෙන නැතැයි කී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කල්යාම අවසානයේ සාර්ථක පලයක් ලබාගත හැකි බවත් පෙන්වාදුන්නාය .

පොලිස් අපරාධ ස්ථාන පරික්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක මුණසිංහ මහේස්ත්‍රාත් වීරසිංහ හමුවේ සාක්කි දෙමින් මෙසේ පැවැසීය .

සැක සහිත මරණ මරණ සිදුවිම් ස්ථාන පරික්ෂා කිරීම තමයි අපේ අංශයට පැවැරිලා තියෙන රාජකාරීය .

ජනවාරි 11 වෙනිදා මරදාන පොලිසියේ දැනුම් දි මත මරණය සිදු වු ස්ථානය පරික්ෂා කිරීම මම සහ තවත් නිලිධාරීයෙක් එම ස්ථානයට ගියා .

මෙම මරණය සිදුවෙලා තිබුණේ මරදාන ඩි . ආර් . විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණට ප්‍රතිවිරුද්ධ දිසාවේ රජයේ දුම්රිය දෙපාර්මේන්තුවට අයත් ගොඩනැගිල්ලක . මෙම දෙපාර්මේන්තුව අයත් පැරැණි  ගබඩාවක් .  එම ගබඩාව පොලිස් දෙපාර්මේන්තුවේ නිලධාරීන් නවාතැන් ගැනීම සදහා අද  භාවිතා කරනවා .

විවෘත ගොඩනැගිල්ලක තමා මෙම සිදු විම සිදුවෙලා තියෙන්න කියලා මරදාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විතානගේ මට එම ස්ථානය පෙන්නුවා .

අපරාධය සිදු ස්ථානය සම්පුණයෙන් වටකරලා ආරක්ෂාව සදහා පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදනෙක් යොදවලා තිබුණා . එම ගොනැගිල්ලේ අතහැර දමපු කෝච්චි එන්ජිමක් දක්කට ලැබුණා . එන්ජිමට දකුණු පසින් ලී මේසයක් තිබුණු අතර එහි සිට සෙන්ටිමීටර් 50ක පමණ දුරින් බිලෝග් ගල් දෙකාක් මත ලීයක් තබා සකස් කළ බංකුවක් තිබුණා . ඒ බංකුව ලග කොන්ක්‍රීට් කැට දෙකාක් තිබුණා .  බංතුව පිටු පස්සේ රවුම් බිත්ති කණු අසල කලුගල් කැල්ලක් තිබුණු අතර එම ස්ථානයේ වීදූරුවක් කැඩිබිදි විසිරී තිබු ආකාරයෙන් කලබලයක් සිදු වි ඇති බව පෙනී ගියා . මේසය දකුණු පැත්තේ කැඩිගිය බෝතලයක හිස සහිත කැල්ලක් වැටි තිබුණා .

 මරදාන අපරාධ අංශයේ ස්ථානාධිපතිට ඇගිලි සලකුණු කිරීම සදහා ඇගිලි සලකු අංශයට දැනුම් දනුම් දුන්නා .

රවුම් පොල්ලක් බිම වැටි තිබුණා .එය දාර සහිත පොල්ලක් , ඒක අංත 01 ලෙස නම් කළා . විදුරු හිස අංක 02 ලෙස නම් කළා .අපරාධය වු ස්ථානයේ ලබාගත් ජායා රූප අංක 03 ලෙස නම් කරනවා.

වෙනත් නඩු භාන්ඩ සොයා ගැනීමක් සිදු කළේ නැහැ . අධිකරණ වෛද්‍ය නිළධාරියා පැමිණෙන නිසා විශේෂ පරිෂණයක් කළෙත් නැහැ.

අධිකරණ වෛද්‍ය නිලධාරීය ජනවාරි 12 වෙනිදා උදේ අපරාධය වු ස්ථානය පරික්ෂා කළා . එම නඩු භාණ්ඩ අපරාධ පරික්ෂණාගාරයේ නිලධාරියාට භාර දුන්නා .

අපරාධය වු ස්ථානය අවස්ථා දෙකකදී පරික්ෂා කළා .

මහේස්ත්‍රාත් -අපරාධ ස්ථානයේ පොළොව පරික්ෂා කළා ද අපරාධය වු ස්ථානය වියළි හෝ තෙත හෝ දුවිලි සහිත ස්ථානයක් ද?

සාක්කිකරු -වියළි ස්ථානයක්

මහේස්ත්‍රාත් -අපරාධය සිද්ධ වුණේ වියළි ස්ථානයක නම් කෙහොමද මරණකරුගේ ඇදඅම් වග මඩ තැවරුණේ ?

සාක්කිකරු – එම ස්ථානය දුවිලි සහිත තැනක්

කළු පැහැ කලිසමක් සහ බටර් පාට කමිසයක් මරණකරු ඇද ගෙන හිටියා . කමිසයේ සහ කලිසමේ දුවිලි තැවරිලා තිබුණා .

මහේස්ත්‍රාත් – අපරාධ ස්ථාන පරික්ෂකවරයෙකු ලෙස කොතරම් කාලයක් වැඩ කර තිබෙනවාද? අවුරුදු 15 පමණ අද්දැකිම් තියෙනවා .

මහේස්ත්‍රාත් – අපරාධය වු ස්ථානය කියලා තිරණය කළේ කො‌හොමද?

සාක්කිකරු – මරදාන පොලිසීයේ අපරාධ අංශයේ ස්නාධිපති විතානගේ අපරාධය වු ස්ථානය පෙන්නුව නිසා ,

මහේස්ත්‍රාත් – තියුණු ආයුදයකින් පහර දී තිබුනා ද? ලී පොල්ලකින් පහර දීලා තිබුණේ ?

මහේස්ත්‍රාත් -තමන්ගේ වෘත්තීය අත්දැකිම් අනුව එහි තොරතුරු නිරික්ෂණය සහ නිගමනය අනුව යම් තිරණයකට ආවාද ?

කලහාකාරි සිදුවිමක් සිදු වී ඇති බව දැන ගන්න ලැබුණා .මරණකරු විසින් බෝතලයක් කඩා පොලිස් නිලධාරීයෙකුට පහර දී ඇති බවත් පසුව පොලිස් නිලධාරීන් ඔහුට පහර දි ඇති බව .

මහේස්ත්‍රාත් -මරණකරු සැකකරුට පහර දුන්නා කියන බෝතලයේ හිස කොටසේ කිසිදු ඇගිලි සලකුණක් නැති බව ඇගිලි සලකුණු අංශයෙන් දැනුම් දී තිබෙනවා නේද?

සාක්කිකරු – ඔව්

මහේස්ත්‍රාත් – මරණකරුගේ කිසිම ඇගිලි සලකුණු නැති බෝතලයක්  කඩා කොහොම ද පොලිස් නිලධාරීන්ට පහර දුන්නේ ? අපරාධය වු ස්ථානය හැර වෙනත් ස්ථානයක් විමර්ශන නිලධාරීන් ඔබට පෙන්නුවාද? ඔහු වැටිලා හිටපු ස්ථානයක් පෙන්නුවාද?

සාක්කිකරු -නැහැ

මහේස්ත්‍රාත් – පාරවල් 40 ක් සතෙකුට වගේ එක දිගට ගහද්දි , ආයුදයේ බර ,පුද්ගලයා යොදන බර සහ පහර දෙන ආයුදයේ ස්වභාවය අනුව එම ආයුදය කැඩි යන්න පුළුවන් ද? අත මිට මෝලවලා , අතින් පයින් පහර දීලා තියෙනවාද ? .

සාක්කිකරු – පොල්ල පැලීලා තිබුණා . කැඩිලා තිබුණේ නැහැ .

මහේස්ත්‍රාත් -මෝට ආයුද වලින් පහර දීලා තිබුණාද?

සාක්කිකරු – මරණකරුගේ ඇග නිල් වෙලා තිබුණා .

මහේස්ත්‍රාත් – එම අපරාධය එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක විය හැකි ද? අතින් පයින් පහර දිමකුත් වි හැකි ද?

සාක්කිකරු – විය හැකි මහේස්ත්‍රාත්තුමිය

ඹහේස්ත්‍රාත් – මරණකරුගේ ඇදුම් වල මඩ තැවැරුනේ කෙසේද? ඔබේ අවබෝධය අනුව

සාක්කිකරු -දණහිස් සහ වැලමිට තදින් පොළොවේ වැදීම නිසා මඩ තැවැරෙන්න පුළුවන් .එම වැලි මඩ සහිතයි .

සාක්කිකරු – වෛද්‍ය වාර්තාවට අනුව මරණකරු 11 වෙනිදා පාන්දර 4.20 ත් 4 30ත් අතර තමයි මැරිලා තියෙන්නේ .

මහේස්ත්‍රාත් -අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මරණ පරික්ෂණ වාර්තාව සහ අපරාධය වු ස්ථානය පිළිබද ඉදිරිපත් කරලා තියෙන වාර්තාව වැදගත් .

 අධිකරණ වෛද්‍ය නිලධරියා  සාක්කි සදහා කැදවන්නැයි මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් අධිකරණයෙන් ඉල්ලා සිටියා

ඔහු කැදවන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළා

පොලිසිය සහ මත්ද්‍රව්‍ය කාර්යංශයේ සහෝදර නිලධාරීන් ලෙස කටයුතු කරන නිසා සමහර විට සැකකරුවන් රටින් පැන යැමට ඉඩ අති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නැයි නිතිඥ විල්සන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *