මහජනයාට මුහුණ දිම සදහා වික්‍රමසිංහ විනයක් සහ කැපවීමක් සහිත සමාජ හමුදාවකට කැදවුම් කරයි

ජාතික ශිෂ්‍යභට බළකායට ‘වර්ණ’ ප්‍රදානය කිරීමෙහි ලා 19 දා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, “අනාගතයට මුහුන දීම සඳහා විනයක් සහ කැපවීමක් අවශ්‍ය” බවයි.

“රටේ අනාගතයට අවශ්‍ය පුද්ගලයන් මෙම ශිෂ්‍යභට බළකාය මගින් පුහුණු කරනු ලැබේ, ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

“අද පාසල් රැසක ශිෂ්‍යභට බළකාය ක්‍රියාත්මක වෙනවා… සෑම මධ්‍ය විද්‍යාලයකම ශිෂ්‍යභට බළකාය පිහිටුවිය යුතුයි. අපි මෙය තවදුරටත් දියුණු කළ යුතුයි. මෙ මගින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහිවනු ඇතැයි මම විශ්වාස කරනවා.”

“රටේ තරුණ පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම නව සමාජයක් ගොඩනැගිය යුතුයි. එවැනි නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමට විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. මම අපේක්ෂා කරනවා ශිෂ්‍යභට බලකාය අවශ්‍ය නායකත්වය ලබාදෙනු ඇති කියා”, ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ප්‍රකාශයන් පැහැදිලිය. වික්‍රමසිංහ අදහස් කරන්නේ කුමන විනයද? එය හමුදා විනයයි.

විනය ගත කළ යුත්තේ කවුරුන් ද? තරුණයින් සහ සිසුන්. හමුදා පුහුණුව ලැබූ සහ එමගින් හමුදා විනය ලබා ඇති ශිෂ්‍යභට බලකාය “රටේ අනාගතයට අවශ්‍ය මිනිසුන්” බව ඔහු පවසයි.

සමාජයේ මිලිටරිකරණය මේ අයුරින් ප්‍රවර්ධනය කරන අතර , වික්‍රමසිංහට අනුව “මේ රටට අවශ්‍ය කරන” “විනය ගරුක පුරවැසියන් බිහි කිරීමට” රජයේ පාසල් යොදා ගැනීමට නියමිතය.

මෙම කැඳවීම, රටේ සියලුම තරුනයින් සඳහා හමුදා පුහුණුව දීම නැවත නැවතත් කැදවුම් කල අන්ත-ජාතිකවාදී කොටස්වල හඬ තැලීමට අනුකූල වන අතර, ඔවුන් සනසා ලයි. වර්ගවාදී අතුරලියේ රතන භික්ෂුව පසුගිය දා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කෑ මොර ගැසූ අයෙකි.

දේශපාලන විරෝධය මැඩලීමේ අරමුනෙන්, ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්’ ගොඩනැගීම සඳහා, තනිකර, හමුදා, බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් 2020 දී ප්‍රකාශයට පත් කළ, බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම්, මෙම සැලසුම් ප්‍රතිරාවය කරයි. .

වික්‍රමසිංහගේ සැලැස්ම – වර්ථමානයේ වෙනත් ඕනෑම ධනපති රාජ්‍යයක මෙන්ම, මේ රටේද පාලක පන්තියේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහි කුමන්ත්‍රණවල කොටසක් වන – මලිටර් පුහුණුව ලත් ශිෂ්‍යභට බළකාය සහ හමුදා නිලධාරීන් මගින්, “ශක්තිමත් ආර්ථිකයක් සහ නව සමාජයක්” ගොඩනැගීමට අවශ්‍ය “විනයගරුක නායකත්වය” සැපයීම ය.

මෙම ශක්තිමත් ආර්ථිකය, IMF, ලෝක බැංකුව සහ WTO ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සියලු නියෝග ඉටු කරන අධිරාජ්‍ය ගැති, නවලිබරල් ආර්ථිකය බව වික්‍රමසිංහ ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ආර්ථිකයකට යටත් බවත් ඒ නිසා මැතිවරණ කල් දැමිය යුතු බවත් ඔහු දැනටමත් ප්‍රකාශ කර ඇත. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් හමුදා පුහුණුවට හා විනයකට යටත් කළ යුතු අතර ජාතිකවාදී අධිශික්ෂන ප්‍රචාරක යන්ත්‍රය ක්‍රියාත්මක කළ යුතුය.

නිදහස් දින සැමරුම, මහනුවර ජනරජ පෙරහැර සහ ඒ හා සමාන ජාතිකවාදී ප්‍රචාර වල අරමුන වන්නේ, වික්‍රමසිංහ නිර්දය ලෙස තලා දැමීමට දිවුරුම් දී ඇති කම්කරු පන්ති, තරුන හා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරවලට එරෙහිව අන්ත ජාතිකවාදී සහ වර්ගවාදී භටකාය යන් හමුදාවක් සූදානම් කිරීම සඳහා ජාතිකවාදී හැඟීම් ශක්තිමත් කිරීමට ය.

සිසුන් හා තරුනයන් “විනයගරුක” විය යුතු බවටත්, “ශක්තිමත් ආර්ථිකයක් සහ නව සමාජයක්” පිලිබඳ ඔහුගේ වැඩපිලිවෙලට කැපවිය යුතු බවටත්, නැතිනම් මිලිටරි, පොලිස් මර්දනයට මුහුණ දිය යුතු බවටත් වික්‍රමසිංහ අනතුරු අඟවයි.

“පද්ධති වෙනසක්” අපේක්ෂා කරන නව පරපුරේ තරුණ පරපුර තමාගේ සමාජය සහ ආර්ථිකය පිළිබඳ සැලැස්මට යටත් විය යුතු බව වික්‍රමසිංහ තහවුරු කර ඇත. රට තුළ දේශපාලනිකව ක්‍රියාකාරීව සිටින කිසිදු වාමාංශික තරුණ පෙරමුණක නියෝජනයක් නොමැති තරුණ පිරිසක් අමතමින් වික්‍රමසිංහ පෙබරවාරි 16 දා ප්‍රකාශ කළේ, 2048 වන විට රට “සංවර්ධනය” කිරීමේ කප්පාදු වැඩපිළිවෙලට තරුණයන් හිස නැමිය යුතු බවත්, වැඩ කරන ජනතාව සහ පීඩිතයන් තමන් සිදු කළ “පසුගිය පව්” සඳහා “පව් ගෙවීමට” සූදානම් විය යුතු බවත් ය.

වික්‍රමසිංහ විසින් “පසුගිය පව්” යනුවෙන් අදහස් කරන්නේ ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා, විශේෂයෙන්ම පශ්චාත් දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ජේදය තුළ, රටේ සහ ලෝකයේ කම්කරු ව්‍යාපාරය දිනාගත් සීමිත සමාජ සුබසාධන වැඩසටහන් වන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සහ සහනාධාරයි. ධනවාදයට තවදුරටත් මෙම සහනදායි සුබසාධන කිසිවක් දැරිය නොහැක.

වික‍්‍රමසිංහ බොහෝ කාලයක් වැය කරමින්, ඉතා පැහැදිලිව මෙම ප‍්‍රකාශ නිකුත් කරන්නේ, ඔහුගේ වෙළඳපොළ ගැති වැඩපිළිවෙලට විරුද්ධ මත සහ විරුද්ධත්වය මර්දනය කිරීම ඔහුගේ එකම ප‍්‍රතිචාරය බව අවධාරණය කිරීමට ය. ඔහුගේ සහ ඔහුගේ පරපෝෂිත කල්ලියේ පාලනය දුර්වල බවත්ය .

වික්‍රමසිංහ විසින් “පසුගිය පව්” යනුවෙන් අදහස් කරන්නේ ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා, විශේෂයෙන්ම පශ්චාත් දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ජේදය තුළ, රටේ සහ ලෝකයේ කම්කරු ව්‍යාපාරය දිනාගත් සීමිත සමාජ සුබසාධන වැඩසටහන් වන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සහ සහනාධාරයි. ධනවාදයට තවදුරටත් මෙම සහනදායි සුබසාධන කිසිවක් දැරිය නොහැක.

වික‍්‍රමසිංහ බොහෝ කාලයක් වැය කරමින්, ඉතා පැහැදිලිව මෙම ප‍්‍රකාශ නිකුත් කරන්නේ, ඔහුගේ වෙළඳපොළ ගැති වැඩපිළිවෙලට විරුද්ධ මත සහ විරුද්ධත්වය මර්දනය කිරීම ඔහුගේ එකම ප‍්‍රතිචාරය බව අවධාරණය කිරීමට ය. ඔහුගේ සහ ඔහුගේ පරපෝෂිත කල්ලියේ පාලනය දුර්වල බවත්, සංගත-රාජ්‍ය-වෘත්තීය සමිති සන්ධානය විසින් එය ඇබ ගසා රදවා නොගන්නේ නම්, වැඩකරන සහ පීඩිත සමස්ත ජනතාව තුළම, ධනේශ්වර සංස්ථාපිතයේ පැවැත්මටම තර්ජනයක් එල්ල කරනා දැවැන්ත වික්ෂෝපයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඔහු හොඳින් දනී. පන්ති අරගලවල අවතාරය පාලක පන්තිය හොල්මන් කරන අතර වික්‍රමසිංහ මංමුලා සහගත තර්ජන වලින් වෙඩි තබමින් සිටී.

සංජය ජයසේකර
කොළඹ ක්‍රියාකාරී කමිටුව

2023 පෙබරවාරි 20

CACPS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *