මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනාගේ මරණ අපරාධයක් -වැලිසර මහේස්ත්‍රාත්

බහුවිධ විශේෂඥ මණ්ඩලයක් මගින් සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවට අනුව මරණකරුවන් 11 දෙනාගේ මරණ සම්බන්ධයෙන් බැලුබැල්මට අපරාධයක් බවට සාධාරණ සැකයක් මතු වන බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව සුදුසු කඩිනම් පියවරක් ගෙන,එම අපාරධයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේ මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමට ආදාළ නඩු තීන්දු ප්‍රකාශයට පත්කරමින්ය.

මරණකරුවන් 11 දෙනාගේ මරණ සිදු වී ඇති ආකාරයත් මෙම නඩුවේ වෙඩි වැදි තුවාල ලැබු රැදවියන් ලබාදුන් සාක්ෂී වලට අනුව අවම බලය යොදා දණහිසින් පහලට වෙඩි තබා නොසන්සුන්කාරී වු රැදවියන් පාලනය කිරීමට බන්ධනාගාර අධිකාරීවරයා විසින් ගන්නා ලද මානුෂීක මෙහෙයුමක් ලෙස පෙනී නොයන බවත් මරණකරුවන්ගේ වෙඩි වැදි ඇති ස්ථාන අනුව සලකා බද්දි, උදරය ආශ්‍රීතව සහ ඊට ඉහලින් වු අවයව වලට වෙඩි වැදී ඇති බවත් මරණකරුවන්ගේ මරණය සිදු වී ඇත්තේ රැදවියන් පාලනය කිරීමට හෝ රැදවියන් විසුරුවා හැර නැවත ශාලාවලට ගාල් කිරීමේ අරමුණින් බවට සැක මතුවන බවත් වෙඩි තබා ඇති අයුරින් පෙනි යන්නේ අවම බලය යොදා දණහිසින් පහලට ඉලක්ක කර වෙඩි තබා නැති බවක් නිරික්ෂණය වන බවත් එම නඩු තීන්දුවේ සදහන් වේ .

වර්ෂ 2020 .11.29 . වෙනිදා මහර බන්ධනාගාරයේ ඇතිවු නැගිටීම පාලනය කරන්නට ගොස් රැදවියන් 11 දෙනෙක්ට වෙඩි තබා ඝාතනය කර ,127 දෙනෙක්ට බරපතළ තුවාල සිදු කෙරිණ .

 කෝවිඩ් 19 වසංගතය වැළදුණු රැදවියන්ට සහ සිරකරුවන්ට පුද්ගල විශේෂත්වයක් නොදක්වා  ප්‍රතිකාර ලබා දෙන ලෙසත් අනෙකුත් රැදවියන්ගේ සහ සිරකරුවන්ගේ පී.සී.ආර් ,පරික්ෂණ සිදු කරන ලෙසත් ඇප නියම කර ඇති අය මුදා හැරීන ලෙසත් හෙරෝයින් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ඇප මත මුදාහැරීම කඩිනම් කරන ලෙසත් අධිකරණයේ නඩු විභාග කිරීම් ඉක්මන් කරන ලෙසත් යන ඉල්ලීම් මුල්කරගෙන එම නැගිටීම පැනනැගී තිබුණි .

මෙම මරණකරුවන් ඇතුළු කලහාකාරී රැදවියන් බනධනාගාරයේ තිබු බෙහෙත් ගබඩාව බිද , එහි තිබු ඖෂධ භාවිතා කර කලහාකාරී  ලෙසට හැසුරුණු බවට බන්ධනාගාර පරිපාලනය විසින් ප්‍රකාශ කළ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව2021 .03 .18 . දින අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සදහන් පරිදි බන්ධනාගාර රෝහලේ මානසික වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයන්ට අනුව එම ඖෂධ භාවිතා කිරීමෙන් ක්‍රීයාකාරී තත්වය හීනවිමක් මිස අවේගශීලී තත්වයක් ඇති නොවන බවට අනාවරණය කරගෙන ඇති බවත් නඩු වාර්තාවේ සදහන් වේ .

මහේස්ත්‍රාත්වරයා ස්ථාන පරික්ෂාවට ගිය අවස්ථාවේ බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකරුවෝද මනුෂයෝය යන කැටයම පිහිටි ස්ථානයේ සිට පමණක් වෙඩි තැබු බවට කරන ලද සදහාන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව විස්න සිදු කරන ලද විමර්ශනයේදී බන්ධනාගාර භුමියේ විවිධ ස්ථාන වලට සිට බන්ධනාගාර නිලධාරීන් ගිනි අවි පත්තු කළ බවට අනාවරණය කර බව සදහන් කර ඇත.

මෙහිදී රැදවියන් විසින් පහරදීමෙන් සහ ගිනි තැබිමෙන් සිදු වු හානිය රජයේ තක්සේරු දෙපාර්මේන්තුව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව සම්පුර්ණයෙන් හානි වු ගොඩනැගිල්ලි සදහා ප්‍රතිස්ථාපිත වටිනාකම රුපියල් 46,545,200 /-හානි වු අවස්ථාවේ වටිනාකම රුපියල් 16,606,270 /-ක්ද අර්ධ වශයෙන් හානි වු ගොඩනැගිල්ල සදහා ප්‍රතිස්ථාපිත වටිනාකම රුපියල් 829,525 /-ආහාර ගබඩාවවේ ආහාර තොගවලට සිදු වු අනර්ථය රුපියල් 1,892,01,60 බවට අනාවරණයකරගෙන ඇත.ඒ අනුව මෙම අනර්ථය දඅපරාධයක් බැවින් එය සිදුකරන ලද තැනැත්තන්ද නීතිය හමුවට පැමිණ විය යුතු අතර මෙම වැඩිදුර වාර්තාවේ සැකකරුවන් 63 ක් එම අනර්ථයට ආදාළව  හා බන්ධනාගාර නිලධාරීන්ට පහරදීම් සම්බන්දයෙන් අනාවරණය කරගෙන ඇති බව සදහන් වීඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අවස්තාවේදී නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

පහ්චාත් මරණ පරික්ෂණය සදහා පැමිණිල්ලේ සහ අගතියට පත් පාර්ශවයේ ඉල්ලීම මත අධිකරණය මගින් පත් කරන ලද බහුවිධ විශේෂඥ මණ්ඩලය පහත වේ

  • මහාචාර්ය ජීන් පෙරේරා
  • අධිකරණ විශේෂඥ වෛද්‍ය එච් .පී. විජේවර්ධන
  • අධිකරණ විශේෂඥ වෛද්‍ය පී.බී .දසනායක
  • අධිකරණ විශේෂඥ වෛද්‍ය එස් . සී . චන්න පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *