මහාචාර්ය ජි.එල්. පිරිස් ශ්‍රී ල. පො. පෙ. සභාපති ධුරයෙන් ඉවත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජි.එල් .පිරිස් ඉවත් කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි .

මහාචාර්ය පිරිස් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තිරණය ‌ගෙන ඇත්තේ , පොදුජන පෙරමු‌ණේ විධායක් සභාව මගින්ය .

පක්ෂයේ නව සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා දෙකාක් ඉදිරිපත් වි ඇතැයි කී නීතිඥ කාරියවසම් පලමු යෝජනාව ලෙස ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු නව සභාපති ධුරයට පත් කළ යුත් බවත් ‌දෙවන යෝජනාව සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු නව සභාපති ලෙස පග්කර කරගත යුත් බවත් ඔහු සදහන් කළේය .

නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිපයක් පැවැත් වු බවත් කඩිනමින් පක්ෂයට නව සභාපතිවරයෙකු පත්කර ගන්නා බව නීතිඥ කාරියවසම් පැවැසීය .

පොදුජන පෙරමුණේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ වලට සම්බන්ධ වු සෙසු පිරිස් ද පක්ෂයෛ් මෙතෙක් දරමින් සිටි සියලු තනතුරු වලින් ඉවත් කිරීමට තිරණයක් ගෙන ඇතැයි ඔහු සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *