මහින්ද - රනිල් අතර වෙනස සලකුණු කිරීම.

විදර්ශන කන්නන්ගර.

මහින්ද රාජපක්ෂ විසින් අරගලයට යටින් මර්දනය කැදවූයේ නැත. ‘ඔහුගේ ජනතාව’ යොදවා උඩින්ම මර්දනය ගෙනාවේය. ඉස්ම බේරෙන්න පෝරියල් එක කෑමෙන් පසු ඔහු පසු බෑවේය.මහින්ද ගේ හැටි එහෙමය.ඔහුගේ ප්‍රචණ්ඩත්වය විනිවිද පෙනෙන සුළුය.ඒ සදහා පවා ඔහු ‘ජනතාව’ සහභාගි කර ගනී.

ජනතා දේශපාලනය නීච තැනකට ඇද දමන ජඩකම අතින් රනිල් වික්‍රමසිංහ ඇතුළු නව ලිබරල් කවය සිටින්නේ රාජපක්ෂලාට ඉදිරියෙනි.ඔහු උඩින් ගෝල්ෆේස් අරගලයට පහසුකම් දීමට කමිටු පත් කරයි.යටින් රාජපක්ෂ-පොහොට්ටු කණ්ඩායම සමග කැත ගණුදෙනුවක් පවත්වා ගනිමින් පොදු අරගලයේ උද්වේගකර සහකාමීන්ව දඩයම් කිරීමට පටන් ගෙන ඇත. තමන්ට දුන් අගමැති කම වෙනුවෙන් 2015 ටත් වඩා අවලම් ආකාරයෙන් රාජපක්ෂ පවුල් රෙජීමය ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව රනිල් ඇතුළු කවය සහතික කළ ගණුදෙනුවක් ලෙස බාරගෙන ඇත.

ඒ අනුව මේ මොහොතේ ජන අරගලය විනාශ කිරීමට රාජපක්ෂ-පොහොට්ටු කල්ලිය විසින් යොදාගත් ‘මහින්ද කහදගම’ වන්නේ රනිල් වික්‍රමසිංහයි. අරගලයේ සහකාමීන් මහින්ද කහදගමට දුන් ‘භෝජන සංග්‍රහය’ මෙහිදී සිහිපත් කරලීම අවශ්‍ය වේ.එ’නිසා දැන් වහාම රනිල් වික්‍රමසිංහව අරලිය ගහ මන්දිරයෙන් පිටතට බා ගැනීමේ කාර්‍යයට අරගලකරුවන් ලෙස අප මුලපිරිය යුතුමය.