මහින්ද සම්පූර්ණ ධූර කාලයේම වත්කම් හංගලා

Mahinda hid assets during his entire tenure

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2005 සිට 2014 දක්වා කාලය තුළ රජයේ මුලු මූල්‍යමය නොවන වත්කම් ගිණුම්ගත කර නොතිබූ බව විගණකාධිපති වාර්තාවකින් අනාවරණය වේ.

මුදල් අමාත්‍යංශයේ 2021 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

2022 මැයි 30 වෙනි දින විගණකාධිපතිවරයා අදාළ වාර්තාව නිකුත් කර ඇත.

ඒ තුළින් මුල්‍ය අපරාධ රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ සමයට අයත් මෙම කරුණු ද ඇතුලත් වී තිබේ.

එම වාර්තාවේ අදාළ කරුණු “2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාල පරාසය තුළ මූල්‍ය ප්‍රකාශවල මූල්‍යමය නොවන වත්කම් ගිණුම් ගතකර නොතිබූ අතර, එය 2015 වර්ෂයේ සිට ගිණුම් ගත කිරීම ආරම්භ කර තිබිණි.” යනුවෙන් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *