මහේස්ත්‍රාත් අධිකරණය අභියෝගයට ලක්කර, දේශබන්දුට එරෙහිව මහාධිකරණයේ ගොනු කළ අභියාඡනය විභාගයට

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස් ආඥා පනතේ 51,82 සහ83 වගන්ති වලට එරෙහිව කටයුතු කර ඇතැයි කොළඹ මහ අධිකරණයේ පුද්ගලික නඩුකරයක් විධියට ගොනු කළ අභියාචනය කැදවනු ලැබු මහාධිකරණ විනිසුරුවරයා සැතැම්බර් 21 ලිඛිත දේශන කැදවන්නැයි ඊයේ (27) නියෝග කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරයෝ 2022 මැයි (09) වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දෙද්දී ,මැරයන්ට සහයෝගය දෙමින් පොලිස් ආඥ පනත උල්ලංඝණය කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබු පුද්ගලික නඩුව එම මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිෂ්ප්‍රභා කරන ලදී . එම නිෂ්ප්‍රභා කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරණයේ මෙම අභියාචනය ගොනුකර ඇත.

මෙම අ්භියාචනය ගොනු කර ඇත්තේ මැයි 09 වෙනි දා ගාලුමුවදොර දී පහර කෑමට ලක් වු සේවිදු මව්ලානා විසින්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *