මහ බැංකුවට ඇතුල් වුවා යැයි 09 අත්අඩංගුවට

ලිසීං මංකොල්ලය නතර කරන ලෙසත් පරාටේ නීතිය වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කිරීම සදහා අද (08) පෙරවරුවේ කොටුව මහා බැංකුවට ගිය පිරිස අතරින් 09 දෙනෙක් පොලිසීය මගින් අත්අඩංගුවට ලෙන කොම්ඤ්ඤවිදීයේ පොලිසීයේ රදවාගෙන සිටියි . එම පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත ඉදිරිපත් කර කොටුව මමහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .

පොලිසීය මගින් අත්අඩංගුවට ගත් පිරිස අතර මගේ රට සංවිධානයේ සංජය මහවත්ත සහ ණය හා ලිසීං වාරික ගෙවන්නන් සංගමයේ අසංක රුවන් පොතුපිට්ය ද සිටිති .

මෙම පිරිස පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවෙන් එළියට පැමිණි පසුවය .

ලිසීං මකොල්ලයට ගොදුරු වුවන් සහ ණය පොලී නිසා අසාධාරණයට ලක් වු සහ අසාධාරණයට ලක් වීමට නියමිත ව්‍යාපාරිකයන් අද (08) පෙරවරුවේ කොටුව ලෙක්හවුස් කැදවා උද්ඝෝෂණයක් පැවැත්වීමට මගේ රට සංවිධානය කටයුතු කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *