මාකදුරේ මධුෂ්ට -වෙඩි තැබුවේ අයි. පි .රංගජිවද?

කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි පොලිසීය හදුන්වන සමරසිංහආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධුෂ්ව 2022 ඔක්තෝම්බර් 20 වෙනිදා රාත්‍රීයේ මාලිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකීණයේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අයි. පි . නියෝමාල් රංගජිව විසින් බව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා දැන ගන්නට ලැබි ඇත .

අයි .පි . රංගජිව පිළියන්දල දී වෙඩි තබා ඝාාතනය කිරීමට තැත් කළා යැයි චෝදනා එල්ල වී තිබුණේ මාකදුරේ මධුෂ්කටය. එම වෙඩි තැබිමෙන් අයි .පි. රංගජිවට බරපතළ තුවාල ලැබු අතර එම වෙඩි හුවමාරු සිදු වු ස්ථානයේ කඩයක සිටි දැරියක් ද වෙඩි වැදි මිය ගියේය .

මාකදුරේ මධුෂ්ව ඇපල්වත්තට නිවාාස සංකීරණයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පැනයාමට උත්සහ කළ නිසා වෙඩි තැබු බව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පවසති .

මධුෂ්ක තම ගෝලයෙකුට ඇපල්වත්ත නිවාස සංකීරණයට කුඩු රැගෙන එන්නැයි දැනුම් දිමෙන් පසු අපරාධ කොට්ඨාශය මගින් මධුෂ්කව එහි රැගෙන ගිය බව එම කොට්ඨාශයේ නිලධාරීන් මාධ්‍යයට පවසා තිබුණි .

මධුෂ්කව මරා දැමීම සදහා බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් ලියන ලද පිටපතේ දුර්වලම තැන වන්නේ , මධුෂ්ගේ දුරකතන ඇමතුමකට ඔහුගේ ගෝලයා ඇපල්වත්තට කුඩු රැගෙන එන කොටසය . මධුෂ්ව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ 2019 පෙබරවාරි 05 වෙනිදාය . පසු ඔහුව එම රටේ සෙන්ටල් සිරගෙදර රදවාගෙන සිට මෙරටට රැගෙන එන්නේ 2019 මැයි 05 වෙනිදාය . එතැන් සිට මධුෂ්ව අවුරුද්දකට වැඩි කාලයක් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ රදවා සිට එවකට වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝගයක් මත ඔහුව කොළඹ අපරාධ කොට්ටාශයට 2022 ඔක්තෝම්බර් 16 අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් භාර දෙන ලදී . මුළු රටට මධුෂ්කව ඩුබායි සිට මෙරටට රැගෙනවිත් අපරාධ පරික්ෂණ දෙපාර්මෙන්තුවේ රදවා සිටින බව දනිති . එසේ තිබියදීත් මධුෂ්ගේ දැනුම් දිමකට අනුව අපල්වත්තට කුඩු රැගෙන ගිය පුද්ගලයා එක්කෝ මන්ද බුද්ධියෙකු හෝ පිස්සෙකු විය හැකිය . එසේ නැතිනම් ඔහු පොලිස් ඔත්තුකාරයෙකු වෙයි.

මධුෂ්ව ඇපල්වත්තට රැගෙන යන්නට පෙර එම පුද්ගලයා කවුදැයි කොළඹ අපරාධ කොට්ඨාශය දැන සිටියාද? මාධුෂ් කතා කළා යැයි කියන පුද්ගලයාගේ දුරකතන අංකය කුමක්ද? ඔහුව සැලසුම් සහතව මරා දමා අවුරුද්දකට ආසන්න කාලයක් ගතව ඇතත් මධුෂ්ගේ ගෝලයා අත්අඩංගුවට ගැනීම තියා ඔහුගේ නමක්වත් කියන්න දේශබන්දුලා අසමත් වී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිගේ තෙන්නකොන් පවසන අකාරයට මධුෂ් යනු කුඩු මෙරට ගෙන්වන මාෆියාවේ ප්‍රධානියකි . නමුත් තෙන්නකොන් සදහන් කරන ආකාරයට කොළඹ අපරාධ කොට්ඨාශයට අල්ලා ගත හැකි වුයේ කුඩු කිලෝ ග්‍රෑම් 31 කි . මාදුෂ් අපාරාධකරුවෙකු යැයි ඔහුගේ බිරිද වන තිලිණි නිෂායා සහ ඔහුගේ ඥාතීන් පිළිගගත්ත ද මධුෂ් කුඩු ජාවරම්කාරයෙකු යැයි පොලිසීය කරන චෝදනාව ප්‍රතික්ෂේප කරති .

“ලංකාවේ කුඩු මාෆියාව මොරින් ,වෙලේ සුදා ,සිද්ධික සහ පකිස්ථාන් ජාතිකයෙකු වන සමිට් ජාන් විසින් මෙහෙවන බවත් ලංකාවට වැඩිපුර හෙරෝයින් ගෙන්වන්නේ මුහුදු මාර්ගයෙන් නොව ට්‍රැක්ටර් හා වෙනත් බඩු වල සගවා බවත් තම කුඩු ග්‍රෑම් එකාක් කාට හෝ විකුණා ඇත්නම් ඔප්පු කරන්නැයි “මාධුෂ් අන්තර්ජාලයට හඩ පටයක් නිකුත් කරමින් පොලිසීයට අභියෝග කර ඇත.

මධුෂ් මෙරටට රැගෙන එන ලද්දේ 2019 මැයි 05 වෙනිදාය .එතැන් සිට ඔහු රදවා තාබාගෙන සිටියේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේය. මධුෂ්ගේ රැදවුම් නියෝග අවසන් වන්නට නියමිතව තිබුණේ 2020 ඔක්තෝම්බර් 28 වෙනිදාය. එවකට වැඩ බලපු පොලිස්පතිගේ නියෝගය මත මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දෙන්නේ 2020 ඔක්තෝම්බර් 16 වෙනිදාය . 2020 ඔක්තෝම්බර් 20 වෙනිදා ඔහුව කුඩු වගයක් ගන්නැයි ඇපල්වත්ත නිවාස සංකීරණයට රැගෙන ගොස් ,එහිදී පැන යන්නට උත්සහ කළා යැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මාධුෂ් වෙඩි තබා ඝාතනය කළහ .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ අවුරුද්ද වැඩි කාලයක් රදවා සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දිමත් සමග සමාජ මාධ්‍ය ජාලා මගින් ඔහුව මරන්නට යන බව හෙළි කළේය .මධුෂ් බිරිදට ආ නිර්නාමික දුරකතන ඇමතුම් වලින් පවා ඔහුව මරන්නට යන බව දැනුම් දි තිබුණි .

“තම සැමියා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දිමත් සමග ඔහුගේ ආරක්ෂාව පිළිබදව බරපතළ සැකයක් මතුවන බවත් තම සැමියාගේ ජිවිතය ආරක්ෂා කර දෙන්නැයි” මධුෂ්ගේ බිරිද වන තිලණි නිෂායා නිතීඥ උපදෙස් මත පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි .

කොළඹ අපරාධ කොට්ඨාශයට යටතේ සිටි මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාශයට ඇයි ද යන්න බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, චමුදිත සමරවික්‍රම සමග පැවති සම්පුඛ සාකච්ජාවේදී හෙළි කරයි .

“රැදවුම් නියෝග මත ඔහුව රදවා ගැනිමට තිබුණේ දවස් 10 ක හෝ 15 ක කාලයක් . අපි නිහඩ සිටියා නම් , අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනවා .බන්ධනාගාරය තුළ ඉදගෙනත් ඔහු සුපුරුදු පරිදි නැවතවතාවක් මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කරනවා . ඉන් පසසේ ඔහු බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලත් මත්ද්‍රව්‍ය ජාවාරම යහතින් කරගෙන යනවා” ඊට කලින් මධුෂ් මරා දමපු බවක් තමා ඔහු කියන්නේ .

මධුෂ්ගේ මල්ලී 2009 යේ කඩයක් ළග පත්තරයක් කියවමින් ඉන්න කොට සුදුවැන් එකකින් ඇවිල්ලා පැහැරගෙන යනවාය. පසුව වෙඩි වැදුණු ඔහුගේ මෘත ශරීරය වෙල්යායක තිබි හමුවිය . මේ වනතෙක් එම මිනීමරුවන් අත්අඩංගුවට ගන්නට පොලිසීය සමත් වි නැතැයි ඔහු චෝදනා කළේය . ඔහුගේ අම්මාව 1989 හමුදවෙන් වෙඩි තබා ඝාතනය කෙරිණ . මේවා අපරාධ නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *