මාධ්‍යවේදීන් බිය ගැන්විමට පොලිස්පති පැමිණිලි දමයි

පොලිස් නිලධාරීන් කිපදෙනෙක්ගේ ජායා රූප මුහුණු පොතේ පල කර මොහුන් හදුනනවා දැයි දැමු වැකියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙදෙර්මේන්තුව අද (14) උදේ මාධ්‍යවේදි තරිදු ජයවර්ධනගෙන් පැය හයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මාධ්‍යවේදි ජයවර්ධනට එන්නැයි කරන ලද දැනුම් දිමකට අනුව ඔහු අද එම දෙපාර්මේන්තුවට ගියේය .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට උදේ 9.30 ගිය ජයවර්ධන පැමිණේද්දි සවස 3.30 පමන වි ඇත .

ජයවර්ධන පල කරන ලද වැකිය මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර හුවමාරු කර ගත්තා යැයි පසුගිය දින ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවා උත්තර ලබාගෙන තිබේ .

ජයවර්ධනට සහ උඩුවරගෙදරට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල් කර ඇත්තේ පොලිස්පති සී .ඩි. වික්‍රමරත්න විසිනි .

මානව හිමිකම් උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවත් ‌එම නඩුව මේ මස 24 වැනිිිදා කැදවිමට නියමිත බව කී ජයවර්ධන ඊට පලිගැනිමක් ලෙස පොලිස්පතිවරයා තමාට සහ උඩුවරගෙදරට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පැමිණ්ල්ලක් දමා ඇතැයි පැවැසීය .

මානව හිමිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉදිරියෙදිත් කටයුතු කරන එක නතර නොකරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට ගෙන්වා තමන්ව බිය වැද්දිය නොහැකි බව මාධ්‍යවේදි ජයවර්ධන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් එළියට පැමිණ මාධ්‍ය අමතමින් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *