මාධ්‍යවේදී සදිස් කුමාර්ට පහරදුන් සැකකරුවන් නිදැල්ලේ -‌ පොලිසිය නිහඩයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් අධ්‍යාපන කාර්යාලයට අයත් සෙන්ජෝන්ට්ලරි පාසලේ සියලුම ගුරුවරු වහා ඉවත් කරන්නැයි බලකර එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් අගෝස්තු 28 වැනිදා පැවැත්වු විරෝධතා උද්ඝෝෂණය ආවරණය කිරීම සදහා එහි ගිය මාධ්‍යවේදී සාබ්බසිවම් සදිස් කුමාර්ට දෙමව්පියන් විසින් පහර දී රාජකාරීයට බාධා තර ඇත.

තමන්ට පහර දී රාජකාරීයට බාධා කළා යැයි සදිස් කුමාර් නුර්වුඩ් (Norwood) පොලසීයේ පැමිණිල්ලක් ද දමා ඇත.

දෙමව්පියන් මෙම විරෝධතා උද්ඝෝෂණය පවත්වා ඇත්තේ, සෙන්ජෝන්ට්ලරි පාසැලේ ගුරුවරයෙකු අවුරුදු 08 දැරියක් දුෂණය කළා යැයි කියන සිද්ධියත් එම පාසලේ ගුරුවරයෙකු ළමුන් මැණික් ගැරීම සදහා ‌යොදා ගත්තා යැයි කියන සිද්ධීන් වලට විරෝධය පෑමටත් සෙන්ජෝන්ට්ලරි පාසලේ සියලුම ගුරුවරු ඉවත් කරන්නැයි අධ්‍යාපන බලධාරීන්ට බලපැම් කිරීම සදහාත්ය .

පාසැල් දැරිය දුෂණය කළා යැයි කියන ගුරුවරයා නුර්වුඩ් පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පාසැල් සිසුන් මැණික් ගැරීම සදහා යොදා ගත්තා යැයි කියන ගුරුවරයා නුර්වුඩ් පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර තිබිණ .

පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් සදිස් කුමර්ගෙන් කටඋත්තර බලා ගෙන ඇතත්, ඔහුට පහර දුන් කිසිම සැකකරුවෙක් මේවන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *