මාධ්‍යවේදී සනත් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි

නුවරඑළිය ත්‍රස්ත විමර්ශන එකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි නිදහස් මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත් දන්වා ඇත.

නිදහස් මාධ්‍යවේදී සනත්ට අප්‍රේල් 06 වනදා ත්‍රස්ත විමර්ශන එකකයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වා ඇත්තේ පුස්වැල්ලාව පොලිසිය මගින්ය .

නුවරඑලිය ත්‍රස්ත විර්ශන එකකයට ‌ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයි දන්වා සිටිය ද පොලිසිය හේතුවක් දැනුම් නොදුන් බව සනත්ගෙන් අප කළ ව්මසුමකදී පැවැසීය .

සනත් ශ්‍රී ලංතා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කම්ටු සමාජිකයෙකු වන අතර දෙමළ පුවත්පතක් වන සුඩරෝලී පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ද වෙයි . ඔහු කාලයක් සුඩරෝලි පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස කයයුතු කර ඇති අතර kuruvi ‘lk සහ ඔිස්ට්‍රෙිලියාවේ සිට ක්‍රියාත්මක වන athiroli යන වෙබ් අඩවි වලට ලිපි සම්ප්‍රදනය කරයි .

දෙමළ ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වැවැදරා දැමු හෝ මිය ගිය සටන්කරුවන් සමරා සැමරුම් උත්සවයක් සැම අවුරුද්දකම ජනවාරි 10 වෙනි පැවැත්විණ . එම සැමරුම් උත්සවය කදුරට ජනතාවගේ අයිතියේ හඩ නම් සංවිධානය මගිිින් සිදු කළ අතර මාධ්‍යව්දී සනත් එහි කැදවුම්කරුවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *