මාධ්‍ය හීලෑ කරන්න , හමුදාපතිගෙන් මාධ්‍යවේදීන්ට දෝලපිදෙනියක්

මේ දිනවල යුද හමුදාවට එරෙහිව මාධ්‍ය වාර්තා පලවීම හේතුවෙන් එවා සමනය කර ගැනීමේ අදහසින් තෝරාගත් කර්තෘවරුන්හා මාධ්‍යවේදීන් පිරිසක් ගෙන්වා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදා මුලස්ථානයේ අගෝස්තු 16 දින විදේශ මතපැන් වලින් සංග්‍රහ කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.

මෙතෙක් යුද හමුදාපතිවරුන් විසින් එම විෂය ආවරණය කරන මාධ්‍යවේදීන් සදහා දෙසැම්බර් මාසයේදී වාර්ෂික සාදයක් පවත්වා ඇතත් ,එසේ නොවන මෙම සාදය සම්බන්ධයෙන් යුද හමුදාවේ ඉහළ නිලධාරීන් අතර මෙන්ම මෘධ්‍යවේදීන් අතර ද දැඩි කතා බහක් ඇති වී තිබේ .එම නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ එම වාර්ෂික සාදයට අමතරව සමහර අවස්ථාවල දී යුදහමුදා දිනය වෙනුවෙන් මාධ්‍යවේදීන් හට සාද පවත්වා ඇතත් ,රටේ ආර්ථික අර්බුදයක් ඇති මෙම අවස්ථාවේ ඹාධ්‍ය සමනය කිරීමේ අදහසින් සාදයක් පැවැත්වීම අනුමත කළ නොහැකි බවයි .

යුද හමුදා වාර්ෂික සාදයකදී කවදාකවත් නොවු ලෙස ආරාධනා කරන ලද කර්තෘන්ට සහ මාධ්‍යවේදීන්ට , ඔවුනගේ ජංගම දුරකතන ක්‍රියා විරහිත කර ආරක්ෂක නිලධාරීන් වෙත ලබා දී සාදය පැවැත් වු ශාලාවට ඇතුල් වීමට ඉඩ ලබා දී ඇති අතර එම අවස්ථාවට සහභාගි වු හමුදා නිලධාරීන්ට ද ඒ ආකාරයටම දුරකතන ශාලිවට ඇතුල් වීමට සිදු වී ඇත.

යුද හමුදාව සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා පසුගිය කාලයේ පල කළ ආරත්ෂක වාර්තාකරුවන් ලෙස හදුන්වන පිරිසකට මෙම සාදය සදහා ආරාධනා කර නැතැයි ද වාර්තාවේ .

මෙම සාදය සදහා සහභාගි වු මාධ්‍යවේදියෙකුගෙන් කරන ලද විමසීමක දී ඔහු පැවසුවේ මෛතෙක් යුද හමුදාපතිවරයෙකු මාධ්‍යවේදීන් සමග පැවති සාදයකදී හැසිර නොමැති ආකාරයට වෙමින් යුද හමුදාපතිවරයා එහි දී හැසිරුනු බවයි .ඒ නිසාම කිපවරක්ම ආහාර ලබා ගැනීමට යමු යැයි සිවිල් ඇදුමින් සැරසී සිටි පහළ නිලධාරීන්ට සිදු වු බවයි .

අනිද්දා පුවත්පත -ලසන්ත රුහුණගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *